Chitika Smowtion 468x60


Friday, February 10, 2012

බලපෑම් කලොත් අස්වෙනවා - සුරැකුම්පත් කොමිසම් සභාපති


තමාට අනවශ්‍ය දේශපාලන බලපෑම් සිදුකළ හොත් තමා ඉල්ලා අස්වන බව සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ සභාපති තිලක් කරුණාරත්න මහතා ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම්දී තිබේ.
සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරයට කලක් ඇමරිකාවේ සිටි ‘ඈපාසිංහ’ නැමති තරුණයෙකු පත්කරන ලෙස කොළඹ කොටස් වෙළද පොලේ ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හරහා කරන ලද බලපෑම් පිළිබදව අදහස් දක්වමින් කරුණාරත්න මහතා එසේ ප‍්‍රකාශ කර ඇත.


ජනාධිපති ලේකම්වරයාගේ බිරිඳවන ඉන්ද්‍රානි සුගතදාස මහත්මියට සභාපති ධූරය හැරදමා යාමට සිදුවූයේද නිමල් පෙරේරා, දිලිත් ජයවීර, වරුණි අමුනුගම හා ඇගේ සැමියාවන රොෂාන් ප‍්‍රනාන්‍දු යන කොළඹ කොටස් වෙළද පොල මෙහෙයවන කල්ලියේ බලපෑම් නිසා බව තමන්ට මේ වනවිට පැහැදිලි වී ඇතැයිද කරුණාරත්න මහතා මෙහිදී ප‍්‍රකාශ කර තිබේ.

එම සිව්දෙනාට එරෙහිව තම ආයතනය විසින් සිදුකර ඇති පරීක්ෂනවල වාර්තා හා නිර්දේශ පසුගිය දින කිහිපයෙහි තමා හොදින් අධ්‍යයනය කළ බවද කොළඹ කොටස් වෙළද පොල කඩාවැටීමට මෙම පිරිසේ බලපෑම හේතුවී ඇති බවද කරුණාරත්න මහතා සඳහන් කර තිබේ.

මලික් කාදර් මහතා සුරැුකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරයෙන් මාරුකර යැවීමෙන් පසු එම තනතුරට සුදුසු අයෙකු පත්කරගැනීම සඳහා මේ වනවිට දෙවරක්ම ඉල්ලූම්පත් කැඳවා තිබූ නමුත් මේ වනතෙක් සුදුසු අයෙක් හමුනොවු බව තිලක් කරුණාරත්න මහතා ලලිත් වීරතුංග මහතා වෙත කියා සිටී.

කොළඹ කොටස් වෙළද පොලෙහි පසුගිය කාලයේ සිදුවූ වංචනික ක‍්‍රියා හේතුවෙන් ආයෝජකයින් ඒ සම්බන්ධයෙන් දක්වන උනන්දුව අවම වී ඇති බවත්, එම තත්ත්වය තුළ කොළඹ කොටස් වෙළද පොල දවසින් දවස කඩාවැටෙන තත්ත්වයක් මතුවී ඇති බවත්, එයට වගකිව යුත්තේ දේශපාලන බලපෑම් සිදුකරමින් කොළඹ කොටස් වෙළද පොලේ රුපියල් බිලියන ගණනක වංචා සිදුකළ නිමල් සහ දිලිත් යන ජාවාරම්කරුවන් බවත්, තිලක් කරුණාරත්න මහතා අවධාරනයෙන් යුතුව ප‍්‍රකාශ කර තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends