Chitika Smowtion 468x60


Friday, February 10, 2012

අධිවේගයේ පළමු අනතුරේදී යකඩ වැටේ අලාභය ලක්ෂ පහයි


කහතුඩුව පිවිසුම අසලදී සිදුවු දකුණු අධිවේගී මාර්ගයේ පළමු රිය අනතුරේදී මාර්ගයේ යකඩ වැටට සිදූවූ අලාභ ඇස්තමේන්තුව රුපියල් 534,960/- ක් වන බව වාර්තා වෙනවා.

එම මුදල රජයට ගෙවන ලෙසට අනතුරට පත් රියදුරු වන ගාල්ලේ පෝද්දල චන්දන ජයලත් මහතාට පසුගියදා නියෝග කළේ කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින්.

අධිවේගී මාර්ගය විවෘත කළ දිනයට පසුවදාම (නොවැම්බර්. 28) මෙම අනතුර සිදුවූ අතර මෙම අලාභයට අදාල යකඩ වැටට වූ හානිය දැක්වෙන ජායාරූපයක් පහතින්.




දක්ෂිණ අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට ලක්වූ අපගේ පාඨකයෙකුට ඉන් පසුව මුහුණ දීමට සිදුවූ දේ දෑ පිලිබදව මීට පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා.

අනතුරින් හානිවූයේ අධිවේගයේ ආරක්ෂාවට ඇති යකඩ වැටේ එක බාර් එකක් වුවද අලාභය ලෙස රු. දෙලක්ෂ පනස්දාහක් පමණ මුදලක් ඇස්තමේන්තුවී තිබූ බව පැවසුනා.




Source: http://www.gossip9.com/2012/02/blog-post_6385.html#ixzz1lutNewy8

Share this article with your friends