Chitika Smowtion 468x60


Tuesday, February 7, 2012

පාරවල්වල හරස්පාර - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න


මහින්ද ජනාධිපති තුමා කියල තියෙනව පලාත් සභා වලට පොලිස් බලතල දුන්නොත් එයාට ඛෙන්තර ගෙඟන් එහාට යන්න බැරි වෙයි කියල. මේ කියන්නෙත් ඛෙන්තර ගෙඟන් එහා කෙනෙක් නිසා මේ කථාව ලූනු ඇඹුල් එක්ක සළකල බලන්න වෙනව.
මිනිහා ඛෙන්තර ගෙඟ් ඉඳල හුගක් ම ඈත දකුණෙ අන්තිම කොනේ කෙනෙක් නිසා වැඩියෙන් ම පරිස්සම් වෙන්න ඕනා. මගේ අම්ම ඒ දවස් වල අපට කියල දුන්නේ ඒ විදියට.

ඇත්තට ම අම්මට ලොකු ලොකු නෑදෑයෝ මාතර පැත්තේ හිටිය. ඒ බල පුළුවන්කාරයෝ ගැනත් කයිවාරු ගහන්න එයා හරි කැමතියි. මට නම් ඒ පම්පෝරි එදත් ඇල්ලූවේ නෑ. මන් කලේ ඒවාට පද හදන එක.
මට මතකයි ඇල්ගිරියේ වලව්ව තියෙන්නේ නීලගිරිය ලඟද කියල අහල හොද ටොක්කක් මන් කෑවා. ඒ විදියට දකුණේ නෑදෑයෝ ගැන ඉහලින් හිතුවත් ඒ හැමෝ ම ලෝක කපටියෝ කියල තමයි එයා නිතරම කිව්වේ.
මේ පංති සමාජයේ මේ වගේ කියුම් හැම පංතියකට ම වලංගු ය කියල කියන්න බෑ. එක වචනයේ ඉන්න එඩිතර මිනිස්සු දකුණේ ඉන්නව. බලපිටිය, අම්බලන්ගොඩ වගේ පෙදෙස් වල සාමාන්‍ය ජනතාව කෙලින් කථා කරණ ඛෙල්ල ගහල ගියත් පාවා නොදෙන උදවිය කියල කථාවල් තියෙනව.
මිනිස්සු මේ විදියට වර්ග කරන එක ප්‍රතිගාමී වැඩක් වුනත් ඒ ඒ පවුල් වල සම්ප්‍රදායයක් නෑ කියල කියන්නත් බෑ. අපේ රටේ සෑම ජනතාවක් ම හරි පරණයි. පරණ සම්ප්‍රදායයන් වලින් පදම් වෙලා තියෙන්නේ. මේ තත්ත්වයන් කඩාගෙන නූතනත්වය ලබා ගැනීමේ දී අරගල හරහා ගමන් කිරීම ස්වාභාවිකයි.
මේ අනුව කොයි එකටත් මේ කථාව ගැන ගැඹුරට හිතා බලන්න වෙනව. මොකද? දකුණෙන් ආපු නායකය ම බලය ඛෙදීම ගැන ඔය විදියට කථා කිරීම දකුණ ජාතිවාදීව ඇවිස්සීමක්. වෙන වචන වලින් කියනව නම් ''දකුණෙ අපිට ඔය 13 ප්ලස් කථා එපා'' කියල ලොකු අනතුරු ඇඟවීමක් තමා මේ කරල තියෙන්නේ.
ලොක්කෝ බක්කෝ ම මේ විදිහට අවුස්සනව නම් පොඩි එකා වල්මත් වෙන එක අහන්නත් දෙයක් ද? දැන් මේ කියන්නේ දකුණෙ මහ ඇමති තුමා පොලිස් බලතල, ඉඩම් බලතල දෙනවට විරුද්ධයි කියලයි.
ඇත්තට ම මෙතෙක් කල් හිටපු මහ ඇමතිවරු ඒ විදියට බලතල එපා කියල නම් කිව්වේ නෑ. ඒ හැම කෙනෙක් ම කියන්නේ දීල තියෙන බලතල ප්‍රමාණය අඩුයි වැඩ කරන්න අමාරුයි කියලයි. මධ්‍යම ආණ්ඩුවෙන් ලැඛෙන මුදල් ටික දිහා කට ඇරන් බලා ඉඳල මොකුත් කරන්න බෑ කියලත් මැසිවිලි කියල තියෙනව.
ඒ අනුව මේ බලතල දෙනවට කිසිම මහ ඇමති කෙනෙක් විරුද්ධ වෙලා නෑ. එහෙම නම් ජනාධිපතිට මේ විදියට දකුණෙ කෝලාහල කරන්න බලන් ඉන්නේ කව්ද කියලයි හිතන්න වෙන්නේ.
ඇත්තට ම මහින්ද ජනාධිපතිට ඛෙන්තර ගෙඟන් එහා පමණක් නොවෙයි ඉන් මෙහාත් ඉන්න බැරි වේගෙන එන්නේ, මේ රටේ ඉඩකඩම්, සම්පත්, ඇලවේලි, මහ මුහුද, ඇමරිකන් ගැත්තන් ට, ඉංදියන් චෞර වාණිජයන් ට, චීනයේ නූතන චියැං කායි ෂෙක් ල ට බාර දීමට කටයුතු කරගෙන යන නිසා.
මේ රටේ ජනතාවගේ සම්පත් මේ විදියට සූරාකෑමට, පරදේශක්කාරයින්ගේ මංකොල්ලයට මේ රට පංගාර්තු කිරීමට විරුද්ධව මුළු රට පුරාම වෛරයක් තිඛෙන එක නම් ඇත්ත. ඒ වගේ ම අධ්‍යාපනය මුදල් ගරා ගැන්මේ වැඩ පිළිවෙලක් බවට පත් කිරිමට ත් පුදුම වෛරයක් ජනතාව ඇතුලතින් මතු වුනත් ඔය කියන විදියට බලය ඛෙදීමට නම් වෛරයක් මතු වෙලා නෑ.
මිනිස්සු කෑම බීම, ඉඳුම් හිටුම් ආදී අත්‍යාවශ්‍ය දේ නොලැබීම ගැන වෛර වෙනවා මිසක පොලිස් බලතල මහ ඇමතිට දෙනවට විරුද්ධ වෙන්න හේතුවක් නෑ. එහෙම නම් මහ ඇමතිලා බලය අරන් ජනතාව මර්ධනය කරයි කියල හිතනව වෙන්න ඕනා.
එතකොට දකුණෙ මෙන්ම, උතුර නැගෙණහිර ඇර අනෙක් හැමතැනමත් ඉන්න ආණ්ඩුවට පක්ෂපාත මහ ඇමතිවරුන්ට ජනතාව විරුද්ධ වෙන්න ඕනා. ඒ අයගේ මැර බලයෙන් දැනටමත් ජනතාවට හිරිහැරයක් වෙලා නම් ඒ උදවියට පොලිස් බලතල දීම ලොකු ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්.
මහින්ද මහත්තය ඒ විදියට දොසක් හෝ පැමිණිල්ලක් කරල නැතිව එක පාරට ම කියනව ඒවා කොලොත් මට ගමට යන්න බෑ කියල. මේ කථාව නම් තේරුම් කරන්න බැරි මහ විහිළුවක්.
අනෙක් අතට දැන් ජනාධිපති තුමාට ඛෙන්තර ගෙඟන් එහාට යෑම ජනතාවට හොරෙන් කරන්න පුළුවන්. කෙලින්ම හෙලිකොප්ටරයෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් අධිවේග මාර්ගයෙන් බුස් කියල මාතරට ම යන්න පුළුවන්.
මේ විදියට ජනතාවට උඩින් යන අධිවේග මාර්ග හදන්නට ඇමති, ජනපති ආදීන්ට වෙන්නේ ජනයාට නොපෙනී ම ගමන් කරන්න යි. එතුමා ම කියල තිබුණ උතුරට මේ වගේ මාර්ගයක් දැම්ම නම් උතුරේ ප්‍රශ්නේ ඉවරයි කියල. එතකොට එයින් හොඳට ම එළිදරව් වෙනව මොනවට ද මේ උදවිය සලකන්නේ කියල.
උතුරේ ජනයාට උඩින් එක පාරට ම යාපනයට කඩා පැනල එන්න පුළුවන් වුනා නම් ඒකෙන් සෑහෙන්න බය යට ගහන්න පුළුවන්. මොකද? අධිවේගී මාර්ගය දැන් අහසේ මාර්ගයක් වගේ ජනතාවට උඩින් යන දෙයක් හැටියට ජනතාව පිලි අරන් ඉවරයි. ආණ්ඩුව තමන්ට බය නැතිව රට පුරා දුවන්නට ඇති උවමනාවට, මෙවන් අධිවේගී මාර්ග හරිගස්සනව කියලයි කියන්නේ. මහින්ද කියන කථාවට වලංගු බවක් ඇති වෙන්නේ ඒ විදියට තේරුම් ගත්තොත් පමණයි.
ඒ අතර ආණ්ඩුවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එන්න කියල මහින්ද අඩ ගහනව. දෙමල පක්ෂ ඒකට ගිහින් වැඩක් නෑ. දැන් කල යුත්තේ ආණ්ඩුවේ පක්ෂ ටික ඒ කොමිටියේ හරි වෙන කොමිටියක් හැටියට හරි රැස්වෙලා තමන්ගේ මථය එක්ලස් කරගන්න වැඩ කරන එකයි. එහෙම නැතිව අනෙක් අයට එන්න කිව්වට වැඩක් වෙන්නේ නෑ. ආණ්ඩුවට විසඳුම් නැත්නම් අනෙක් අය විසඳුම් දෙයිද? ඒ නිසා ඉස්සෙල්ල ආන්ඩුවේ පක්ෂ පොදිය එකතු කරලා තමන්ලා අතර තිඛෙන ඇද කුද ඇරල එක මථයකින් එළියට එන්න. අන්න එතකොට පුළුවන් විපක්ෂයේ අයටත් තමන්ගේ අදහස් ඒ ගැන එකතු කරන්න.

Source - lankanewsweb.com

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends