Chitika Smowtion 468x60


Tuesday, February 7, 2012

දේශපාලඥයන් ළඟ සිටින පාතාල සාමාජිකයන් සොයා මෙහෙයුමක්


දේශපාලඥයින්ගේ රැකවරණය යටතේ සිටින පාතාල සාමාජිකයන් විනාශ කර දැමීමේ මෙහෙයුමක් ලබන සතියේ ආරම්භවීමට නියමිත බවත්, අදාළ පාතාල සාමාජිකයන්ගේ සියලූ තොරතුරු මේවනවිට රාජ්‍ය බුද්ධි සේවය විසින් සොයා ගෙන ඇති බවත් අප වෙත වාර්තාවේ.


දේශපාලඥයින්ගේ තරාතිරම නොසලකා මෙම මෙහෙයුම කි්‍රයාත්මක කරන ලෙස අදාළ බලධාරීන්ට නියෝග කර ඇති ආරක්ෂක ලේකම්වරයා, දේශපාලඥයින්ගෙන් කිසියම් හෝ බලපෑමක් එල්ල වුවහොත් තමාට දැනුම් දෙන ලෙසද අවධාරණය කර තිබේ.
මෙම මෙහෙයුම පිළිබඳ තොරතුරු හෙළිදරව් වීමත් සමඟ මර්වින් සිල්වා අමාත්‍යවරයා ගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් ලෙස පෙනී සිටි සම්බන්ධීකරණ ලේකම්වරුන් බොහෝ දෙනෙකු රට හැර ගොස් තිබේ. එහෙත් පසුගිය දිනවල රට හැරගොස් සිටි එවැනි සම්බන්ධීකරණ නිලධාරීවරුන් කිහිපදෙනෙකු මේ වනවිට දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් දේශපාලන කටයුතුවලින් ඉවත් වී රහස්ගතව සිටී.
තවද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා යටතේ කටයුතු කළ පාතාල සාමාජිකයින් හා කුඩු ඛෙදාහරින්නන්ද ආරක්ෂක ලේකම්වරයාගේ සුදු වෑන් ඒකකයේ ඉලක්ක බවට පත්වී තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends