Chitika Smowtion 468x60


Tuesday, February 7, 2012

කෙහෙළියගේ තත්ත්වය අවදානම්


ඊයේ (06) උදෑසන ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර හෝටලයකදී තුන්වන මහලේ සිට ඇද වැටී ඇති තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ තත්ත්වය මේ වනවිට අවදානම් මට්ටමක පවතින බව අපගේ ඔස්ටේ‍්‍රලියානු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇමතිවරයා දුම්වැටියක් පානය කිරීමට තම කාමරයේ බැල්කනියට ගොස් ඇති අතර එසේ සිටින අතරතුරදී බැල්කනියට ඇතුලූවන හරස් දොරටුව අත්වැරදීමකින් අඟුලූ වැටී තිබේ. පසුව එය විවෘත කිරිමට කොතෙක් උත්සාහ කළද එය අසාර්ථක වූ කළ, එම බැල්කනියේ සිට යාබද කාමරයේ බැල්කනිය වෙත යාමට උත්සාහ කිරීමේදී  ඇමතිවරයා පයලිස්සා බිමට වැටී තිබේ. ඇමතිවරයා මෙම අවස්ථාව වනවිට තරමක් මත්පැන් පානය කොට සිට ඇත.

මෙසේ පයලිස්සා බිමවැටුනු ඇමතිවරයා වැටී ඇත්තේ මල්පදුරක් මතට වනඅතර එහිදී ඔහුගේ දෙපා බිඳී තිබේ. මීට අමතරව ඔහුගේ හිසෙහි යම් ප‍්‍රදේශයක් පොළොව හා ගැටී ඇති අතර බිඳී ගිය දෙපාවලට අමතරව හිසට සැලකිය යුතු තුවාල සිදු වී ඇත. හිසට සහ දෙපාවලට අද දිනයේ සිදුකරන ලද ශල්‍යකර්ම වලින් පැහැඳිලි ප‍්‍රගතියක් අත්කරගැනීමට නොහැකි වූ බව අපගේ ඔස්ටේ‍්‍රලියානු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණු සංචිතයේ නැගඑන තරුණ ක‍්‍රීඩකයෙකුවන කෙහෙළිය ඇමතිවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ දණහිසේ පැවති ආබාධයක් ශල්‍යකර්මයකට ලක්කිරීම සඳහා ඇමතිවරයා සහ ඔහුගේ පුත‍්‍රයා මෙසේ ඔස්ටේ‍්‍රලියාවට ගොස් තිබේ. ඇමතිවරයාගේ බිරිඳ 
ඊයේ (06) වනදා රාත‍්‍රියේ ඔස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් ඇත.

Source - lankanewsweb.com

Share this article with your friends