පින්ලන්ත රජයෙහි රතු කුරුස සංවිධානය හා අයිරිස් රජයේ මුදල් ආධාර මත ඉදිකළ මෙම රෝහලේ ගොඩනැගිළි සියල්ල පසුගිය මාස තුනකට පෙර රෝහලට භාරදී තිබුණි.
මාස තුනකට පෙර එම ගොඩනැගිලි සියල්ල රෝහලට භාරදෙන අවස්ථාව සනිටුහන්විම සදහා ඉදිකර තිබු සමරු පලකය ඉවත්කර, ජනාධිපති මහින්ද රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන,අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ උතුරු පළාත් ආණ්ඩුකාර චන්ද්‍රසිරි යන ප්රභුවරුන්ගේ නම් කෙටූ නව සමරු ස්මාරකයක් ඊයේ නිරාවරණය කරනු ලැබ තිබේ.

තවද මිට වසර තුනකට පෙර චාවකචිචෙරිය රෝහලේ කළමණාකරන කාර්යාලය, බාහිර රෝගී ඒකකය යන ගොඩනැගිළි නිකොටි ආයතනයේ මුදල් ආධාර මත ඉදිකර ජනතා අයිතියට ලබාදී තිබුණි. එම ගොඩනැගිලි නිකොටි ආයතනය විසින් ඉදිකළ බවට සමරු පලකයක්ද සවිකර තිබී ඇත. එම සමරු පාලකයාද ඉවත් කර ඉවත්කර එම ගොඩනැගිලි උතුරු වසන්තය යටතේ ඉදිකළ බවට නව පුවරුවක් සවිකර ඇත.
තවද චාවකචිචෙරිය රෝහලට පසුගිය මස රුපියල් මිලියන 2ක් වටිනා ලේ පරික්ෂා කිරීමේදී උපකරණ කටිටලයක් ගෙනවිත් තිබුණි. නමුත් ඊයේ දින ජනපතිවරයා විසින් එම ගොඩනැල්ල විවෘත නොකිරීමෙන් පසු එම උපකරණ තොගය යළි කොළඹට රැගෙන විත් තිබේ.
තවද ඊයේ දින බාහිර රෝගීන් අංශයට පැමිණි රෝගීන් වෙත පැනඩෝල් ඉවරවූ බවට පවසා එය පිටතින් ගන්නා ලෙසට වෛද්‍යවරුන් පවසා ඇත. චාවකචිචෙරිය රෝහලේ මාතෘ සායනය හා මුළුතැන් ගෙයද කිසිම පහසුකමක් නොමැතිව පවතියි.
ජනපතිගේ පැමිණීම නිමිත්තෙන් එම මුළුතැන්ගෙහි තීන්තවලින් සරසා ඇති නමුත් එහි පහසුකමි සපයාදී නැත.
තවද ජනපතිගේ පැමිණීම නිමිත්තෙන් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රුපියල් ලක්ෂ 4ක මුදලක් සැරසිලිවලට පමණක් වැය කර තිබේ.
රෝහලේ බරපතල ඛෙහෙත් හිගයක් පවතින තත්වයක් තුල ජනපතිගේ පැමිණීම සදහා ජනතා මුදල් මෙලෙස නිකරුණේ වියදම් කිරීම සම්බන්ධයෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු විරෝධය පල කර ඇත.
Source - lankanewsweb.com