පෙබරවාරි 04වනදා නිදහස් කරනු ලැබුවේ සාමාන්‍ය සිරකරුවන් පමණක් බවත්, ෆොන්සේකා මහතා අනිවාර්යයෙන්ම ළඟදීම නිදහස් කරනු ඇති බවත් ඇමතිවරයා එම තානාපතිවරුන්ට සහතික වී තිබේ.
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 19වන සැසිවාරය ලබන 27වන දා පැවැත්වෙන බැවින් ඊට පෙර ෆොන්සේකා මහතා නිදහස් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
කෙසේවුවද අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජනරාල්වරයාගේ බිරිඳවන අනෝමා ෆොන්සේකා මහත්මිය කියා සිටියේ, ජනරාල් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රජය සමඟ සිදුකරන සාකච්ඡාවල ප්‍රගතියක් තිඛෙන බවයි. එහෙත් ජනරාල්ගේ නිදහස වෙනුවෙන් සමාවක් ඉල්ලීමට ජනරාල්වරයා හෝ තම පවුලේ කිසිවකු සූදානම් නොමැති බවත් ඇය එහිදී සඳහන් කළාය.
ජනරාල් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සිරගතකොට වසර දෙකක් සැපිරෙන ලබන 8වනදා එයට විරෝධය පලකිරීම සඳහා සාමකාමී උද්ඝෝෂනයක් පැවැත්වෙන බවත් තමා එයට සහභාගිවන බවත් ඇය පැවසුවාය.
Source - lankanewsweb.com