මෙහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘මෂ්රෙක්’ (Mashreq) බැංකුව ණය පහසුකම් සපයන්නෙකු ලෙස හඳුන්වාදී ඇත්තේ ලංකා බැංකුව විසිනි. මෙම ණය මුදල ලබාගැනීමේ අතරමැදියා ලෙස කටයුතු කොට ඇත්තේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ සහ සජින්වාස් ගුණවර්ධන යන මන්ත‍්‍රීවරුන් දෙදෙනාය.
ශ‍්‍රී ලංකා රජයේ ඇපකරයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් පැවති සාකච්ඡාවලට සජින් වාස් ගුණවර්ධන මන්ත‍්‍රීවරයාද සහභාගී වී ඇති අතර එහිදී ණය කොන්දේසී පිළිබදව මන්ත‍්‍රීවරයා මුදල් අමාත්‍යාංශයේ එකඟත්වය ලබාගෙන තිබේ.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුලූ ණය හිමියන් හා කෙටිකාලීන බැංකු ණය පියවීම සඳහාත්, ප‍්‍රාග්ධන ආයෝජනය සඳහාත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ගුවන් භාණ්ඩ හා මෙහෙයුම් කටයුතු සඳහාත් මෙම ණය මුදල් යොදාගැනීමට අපේක්ෂා කරන බව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප කළ විමසීමේදී පැවසීය.
ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඛනිජ තෙල් සංස්ථාවට පමණක් 2012 පෙබරවාරී 29 වන දා වන විට රුපියල් බිලියන 15 ඉක්මවූ ණය මුදලක් ගෙවීමට ඇතැයිද එම නිලධාරියා සඳහන් කළේය.
2012 පෙබරවාරී 13 වන දිනදීද ශ‍්‍රී ලංකා රජය විසින් රුපියල් බිලියන 14.2 ක් වූ (ඇමරිකානු ඩොලර් මිලියන 125 ක්) පස්අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමෙහි ප‍්‍රාග්ධනය ලෙස ආයෝජනය කොට තිබේ.
එහෙත් පසුගිය වසර තුළ ඉහළ ගිය ඉන්ධන මිල සහ ගුවන් යානා ඇනිය නවිකරනය කිරීම සඳහා වැයවූ වියදම් හේතුවෙන් සමාගමේ ප‍්‍රාග්ධන තත්ත්වය පහත වැටී ඇතැයි සඳහන් කරමින් යළිත් මෙම ඇමරිකානු ඩොලර් මිලියන 175 කට අදාල භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කරවා ගැනීම සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්න මහතා පසුගිය 14 වන දා අමාත්‍ය මණ්ඩල සංදේශයක්ද ඉදිරිපත් කළ බව අප වෙත තොරතුරු ලබාදුන් එම අමාත්‍යාංශයේ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
Source - lankanewsweb.com