Tuesday, March 20, 2012
නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන ලක්ෂ 250 ක කප්පමක් ඉල්ලයි
ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතා ඉන්ධන පිරවුම්හල් බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ ලක්ෂ 80 කට ආසන්න සන්තෝසමක් ලබාගන්නා පුවතක් මීට පෙර අප විසින් ඉදිරිපත් කළා.
ප්‍රධාන අමාත්‍යවරයාගේ නියෝග පවා නොසලකාහරිමින් සරණ ගුණවර්ධන අමාත්‍යවරයා මෙම ක්‍රියාවලිය සිදුකරනු ලබන බවයි එම ලිපියෙන් කියවුනේ.
මෙ අතර මන්ත්‍රී සරණ ගුණවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 250 ක කප්පම් මුදලක් ඉල්ලා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුද තර්ජනය කර තිබෙනවා.
පෞද්ගලික සමාගමක කළමනාකාර අධ්යක්ෂවරයකු වන චින්තක මොහාන් පෙරේරා නමැති එම ව්‍යාපාරිකයා විසින් පසුගිය 27 දා මිනුවන්ගොඩ පොලිසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර ඔහු ඒ පිළිබඳ ජනාධිපතිවරයාටද ලිඛිතව දැනුම් දී තිබෙනවා.
නියෝජ්‍ය ඇමැතිවරයා තම ජංගම දුරකතනයට ඇමැතුමක් ලබාදී රුපියල් ලක්ෂ 250 ක් සූදානම්කර තබා ගන්නා ලෙසත්, එම මුදල නොදුන්නොත් ජීවිතය පිළිබඳ තීන්දුවක් ගන්නා බවට තර්ජනය කළ බවත් ව්‍යාපාරිකයා ජනාධිපතිවරයාට කළ එම පැමිණිල්ලේ සඳහන්.
තමන් මිලට ගත් ඉඩමක් සම්බන්ධයෙන් මෙම නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේ කප්පම් ඉල්ලා සිටින බවද මේ නිසා බිරිය ඇතුළු දරුවන් භීතියට පත්ව සිටින බවද පවසන ව්‍යාපාරිකයා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසටයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ
ජනාධිපති ලේකම්වරයාට, ආරක්ෂක ලේකම්වරයාට, ශ්‍රී ල.නි.ප. ප්‍රධාන ලේකම්වරයාට, එ.ජ.නි.ස. ප්‍රධාන ලේකම්වරයාට සහ ගම්පහ දිස්ත්‍රික් එ.ජ.නි.ස. නායක බැසිල් රාජපක්ෂ මහතාටද, පොලිස්පතිවරයාටද මෙම පැමිණිල්ලේ පිටපත් ව්‍යාපාරිකයා විසින් ඉදිරිපත් කර ඇත.
නියෝජ්‍ය ඇමැති මන්ත්‍රී සරණ ගුණවර්ධන විසින් කප්පම් ඉල්ලා තර්ජනය කිරීමෙන් නොනැවතී එම කෝටිපති ව්‍යාපාරිකයා විසින් මිලදී ගත් මිනුවන්ගොඩ පිහිටි ඉඩමක් ලියාපදිංචි නොකරන ලෙසට ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට බලපෑම් කර තිබෙනවා. මිනුවන්ගොඩ දිවුලපිටිය පාරේ පිහිටි එම ඉඩම කෝටි 7ක් ගෙවා ව්‍යාපාරිකයා ලබාගන ඇත්තේ ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කිරීමටයි.
නියෝජ්‍ය ඇමැතිවරයා එසේ ව්‍යාපාරිකයන්ට තර්ජනය කරමින් කප්පම් ඉල්ලීම් පිළිබඳ තොරතුරු සුලබව ඇතත් ඔහුට ඇති බිය හේතුවෙන් කිසිවකුත් පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවන බවයි පොලීසිය පවසන්නේ.
මහජනතාවගෙන් කප්පම් ලබාගන්නා ඇමතිවරුන් අතර මෙතෙක් කලක් ප්‍රසිද්ධව සිටියේ මර්රවින් සිල්වා අමාත්‍යවරයායි. මේ අනුව සාමාන්‍ය ජනතාවගෙන් කප්පම් ලබාගන්නා ආණ්ඩුවේ ඇමතිවරුන් අතරට ඛනිජ තෙල් සහ ඛනිජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ද අයත් වනවා.
Source: http://www.gossip9.com/2012/03/250.html#ixzz1pfQlV0wi
නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන ලක්ෂ 250 ක කප්පමක් ඉල්ලයි
2012-03-20T19:57:00+05:30
Admiral