Tuesday, March 20, 2012
ජනාධිපතිගේ නීතිපති දෙපාර්තමේන්තුව භාරත ඝාතනය කණපිට හරවයි
ජනාධිපතිවරයාගේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරු විසින් මේ වනවිට භාරත ඝාතන නඩුව සම්පූර්ණයෙන්ම කණපිට හරවා ඇති බවට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරින් අප වෙත අනාවරණය කර සිටී. මෙසේ නඩුව කණපිට හරවා ඇත්තේ කවරාකාරයෙන්ද යත් මීලඟ නඩු දිනයේ ගොනුකිරීමට නියමිත වැඩිදුර වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවේ යතුරු ලියනය කොට එම නඩුව සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු භාරව සිටින සහකාර පොලිස් අධිකාරී අම්පාවිල මහතා අතට පත්කොට තිබේ.
මෙම වැඩිදුර වාර්තාව අනුව පළමු වෙඩි තැබීම සිදුකර ඇත්තේ මියගිය භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා වනඅතර ඊට ප‍්‍රතිප‍්‍රහාර දීමක් ලෙස දුමින්ද සිල්වා මහතා වෙඩිතැබූ බවට මෙම වාර්තාවේ දක්වා ඇති අතර, එහිදී දුමින්ද සිල්වා මහතාට මිනිමැරුම සම්බන්ධයෙන් ව්‍යතිරේකයක් (Exception) ලෙස ගැනෙන ආත්මාරක්ෂාවේ අයිතිය (Right of Personal Defence - RPD) යොදාගැනීමට අවකාශය සහ අවස්ථාව සලසා දීතිබේ.
මේ සඳහා භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ප‍්‍රභලම සාක්ෂිකරුවන් දෙදෙනකු මේ වනවිට සැකකාර පාර්ශ්වය වෙනුවෙන් සාක්ෂිදීම සඳහා කැමතිකරවාගෙන ඇති අතර ඔවුන්ට ඒ සඳහා විශාල දීමනාවන් ලබාදීමට විත්තිකාර පාර්ශ්වය එකඟත්වය පළකොට තිබේ.
මීට අමතරව භාරත ඝාතන නඩුවේ ප‍්‍රධාන විමර්ශකයන් දෙදෙනාවන පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරී අම්පාවිල යන මහත්වරුන්ට ඔවුන්ගේ ඊලඟ උසස්වීම සඳහා අයඳුම්කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා දැනුම්දී තිබේ.
ඇතිවී තිබෙන මෙම අලූත් තත්ත්වය හමුවේ අගතියට පත් පාර්ශ්වය වන භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ නීතීඥවරු මේ සම්බන්ධයෙන් තම විරෝධතා කලට වේලාවට ඉදිරිපත් නොකල හොත් භාරත ඝාතන නඩුව ඉක්මන් අවසානයක් කරා ලඟාවීම නොවැලැක්විය හැකි බව අප වෙත කරුණු සඳහන් කළ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
Source - lankanewsweb.com
ජනාධිපතිගේ නීතිපති දෙපාර්තමේන්තුව භාරත ඝාතනය කණපිට හරවයි
2012-03-20T18:53:00+05:30
Admiral