Chitika Smowtion 468x60


Tuesday, March 20, 2012

ජිනීවා අවසන් ප්‍රතිපලය ගැන ජ්‍යොතිෂවේදීන් හෙළිකරයි.


ජිනීවා හි මානව හිමිකම් සමුළුව්ව අවසානයේ ලංකාවට සිදුවන්නේ කුමක්දැයි යන්න ජ්‍යොතිෂවේදීන් කීපදෙනෙක් පසුගියදා පුවත්පතකින් හෙළිකර තිබුණා. පහත දැක්වෙන්නේ ඔවුන්ගේ අදහස්.

රවී සඳු බලවත්වී ජිනීවා කටවල් වැහෙනවා
නාත්තන්ඩියේ පී.ඩී පෙරේරා
ශ්‍රී ලංකා කේන්ද්‍රයේ දෙවැන්නේ බුධ නීචව අස්තව වක්‍රව පෙබරවාරි 27 වනදා සිට ගමන් ගැනීමෙන් ඇතිවූ නරක කතාබහ මාර්තු 22 වනදා අලුයම බුධ සමඟ රවී සඳු යුරේනස් එක්වීමෙන් බුධගේ ශක්තිය දුර්වල කර ඉස්මතුවීම නිසා ජිනීවා ප්‍රශ්නය නොසිතූ අතකට යොමුවීමෙන් මානව හිමිකම් සමුළුවේ මතය ලංකාවට වාසිදායක වන්නට විශාල ශක්තියක් වෙනවා.

රාහු දසවැන්නේ නීචව ගමනක යෙදෙන නිසා ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් තමන්ට වලවල් තමන්ම කපාගන්නා කාලයක මේ දුර්වලවූ බව රවීගෙන් සඳු හිටිහැටියේම ලැබුණ ශක්තිය මාර්තු 22-24 දින තුන තුළම යෙදීම රටේ වාසනාවට සිදුවන අහඹු දෙයක් වීම නිසා ජිනීවා කටවල් වැසී යෑමට නොසිතූ කරුණක් වෙයි

රජය අසීරුවට- අප්‍රසාදය පත්වෙනවා
රෝහන් වීරරත්න
මේ ගතවෙන්නේ ශ්‍රී ලංකාවට ඉතා අසීරු කාලයක්. පෙබරවාරි මාසයේ සිට මේ අසීරු තත්ත්වය වැඩිවූ අතර අප්‍රේල් මාසය දක්වාම තවමත් අසීරුතා වර්ධනය වෙමින් පවතිනවා. දැඩි බලපෑමක් ඇතිවන ප්‍රශ්නයකට අපි දැනටමත් මුහුණ දෙමින් සිටිනවා. එහිදී ලංකාවට හානිදායක සිදුවීම විවිධ ස්වරූපයෙන් මතුවෙමින් ගැටළු ඇතිකරනවා.

විදේශීය රටවලින් ලංකාවට දැඩි බලපෑම් එල්ල වන අතර මෙරට රජය අප්‍රසාදයටත්, අසීරුතාවයටත් පත්වීම වැලැක්විය නොහැකිය. ජිනීවා කතාබහට ලක්වන මානව හිමිකම් පිළිබඳ ගැටළුව මේ අසීරුතාවයන් කියාපාන සාක්කියයි.

බුධ-ශනි-කුජ වක්‍ර ගමනින් ලංකාවට එන පීඩනය වැඩියි.
රෙක්ස් ගුණවර්ධන
ශ්‍රීලංකාවේ කේන්දරය අනුව මේ අවධියේදී ග්‍රහයන් තිදෙනෙක් වක්‍රව ගමන් කරනවා. ඒ බුධ, ශනි, කුජ යන ග්‍රහයන්.

ඒ අනුව පෙන්නේ ජාත්‍යන්තර වශයෙන් විවිධ බලපෑම් එල්ල වන ග්‍රහ චලිතයක් පවතින කාලයක චැනල් 4 දෙවන වීඩියෝපටයත් විකාශණය කරමින් ලංකාවට එල්ල වන පීඩනය වැඩියි.

ලංකාවේ ග්‍රහචාරය මෙන්ම නායක, විපක්ෂනායකවරුන්ගේ ග්‍රහචාරයන්ද යහපත් නැත. මේ හේතු මත ජිනීවා සිද්ධියේදී අපට එල්ල්ලවන පීඩනය දරාගත නොහැකි මට්ටමක පවතින අතර එදා ජනාධිපති ප්‍රේමදාස යුගයේදී මෙවන් ලොකු මතවාදයක් විපක්ෂයද එක්ව ගොඩනැඟූ ආකාරය මතක් කළ යුතුය.

ඒ ආකරයට මෙවරද විපක්ෂය ඇතුළු සියළු පක්ෂ ආණ්ඩු පක්ෂය සමඟ භේදයකින් තොරව ක්‍රියාකිරීම වැදගත්. එසේම රාහු නීචව ආණ්ඩු පක්ෂයේ හෙවත් වෘශ්චිකයේ ගමන් කිරීම ඇතැම් මැති ඇමතිවරුන්ගේ හරසුන් බොළඳ කියමන් ඇසෙන්නට හේතුවේ.

සතුරන්ගේ උත්සාහය පරාජයට පත්වෙනවා
රෝෂන් සමන්ත අත්තනායක
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ලංකාවට වාසි සහගත තත්ත්වයක් ඇතිවෙනවා, සතුරු පරාජයට සුබ මොහොතක් උදාවෙමින් පවතින කාලයක්. සතුරන්ගේ උත්සාහයන් අසාර්ථක වන බවත් කිව යුතුය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දියුණුව කරා යන රටක් නිසා ලෝකයේම යහපත් අවධානය යොමුවෙනවා. මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනාව මවාපෑමක් පමණයි.

ලංකාව බෞද්ධ රටක්. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට මෙරට ආගමික නායකයන්ගේ සෙත් ශාන්ති වැනි බෞද්ධ වත් පිළිවෙත්වල ආශිර්වාදය ලංකාවට නිරන්තරයෙන්ම ලැබෙනවා, එම සියළු දේ හමුවේ නොසිතූ නොපැතූ දියුණුවක් කරා ලඟාවීමටත් ලංකාවට වාසනව තිබෙන අතර ජිනීවා මානව හිමිකම් සමුළුවේදී එල්ලවන සියළු අවාසිදායක තත්ත්වයන් වෙනස්වන බව පැහැදිලියි.




Source: http://www.gossip9.com/2012/03/blog-post_8942.html#ixzz1pfOF1trR 

Share this article with your friends