Chitika Smowtion 468x60


Tuesday, March 27, 2012

රු.2500 කට අඩුවෙන් කාල බිල නොමැරී ඉන්න පුළුවන් - බන්දුල ගුණවර්ධන


බන්දුලගේ 7500, 
2500 ට බසී 

මෙරටේ කන බොන එක ප්‍රශ්නයක් නොවන බවත් රුපියල් 2500 ට අඩුවෙන් එක පුද්ගලයකුට මාසයකට කාලා බිලා නොමැරී ජීවත් විය හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් "හෙට වෙනුවෙන් අද" විදුලි බලය සුරැකීමේ ජාතික සත්කාරය පිළිබඳව දැනුවත් කරමින් කොළඹ ආනන්ද විද්‍යාලයේ පැවැති ජාතික උත්සවයට සහභාගිවෙමින් ඒ මහතා ඊයේ (26) එසේ ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මීට පෙරද ප්‍රකාශ කළේ, රුපියල් 7,500ක් තිදෙනකුගේ මාසික වියදමට ප්‍රමාණවත් බවයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිදුකල කතාව පහතින් බලන්න


''අහාර සඳහා අපේ පවුලක, ඔබේ ගෙද ර වියදමින් 41.5%ක් තමයි අහාර සඳහා යන වියදම ඇඳුම් පැළදුම් ඇදුම් පාවහන් සඳහා යනවා. 3.15 නිවාස ජයල සඳහා ගෑස් විදුලිය මේ සියලු දේ සඳහා යනවා.
23.74ක් මුළු වියදම 100ක් නම් ඊළඟට සෞඛ්‍ය සඳහා 3.15ක් ප්‍රවාහනය සඳහා 12.27ක් සන්නිවේදන 4.76ක් විනෝද කටයුතු 2.6ක් අධ්‍යාපනය සඳහා 3.23ක් යනාදි වශයෙන් බර තැබීමක් කරලා තියෙවා . යන වියදම කාලා බීලා නොමැරී ජීවත් වෙන්න 2500කටත් වඩා අඩුවෙන් පුළුවන් කලා බීලා නොමැරී ජීවත් වෙන්න.''
මේ ආකාරයට ආහාර සඳහා වියදම් කරන බැවින් ඉන්දියාවේ මෙන් මෙරට මිනිසුන් කන්න නැතුව මැරෙන්නේ නැති බවද බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළේය

එහි වීඩියෝව බලන්න පහතින් 







Source: http://www.gossip9.com/2012/03/2500.html#ixzz1qIymEtBW

Share this article with your friends