Chitika Smowtion 468x60


Tuesday, March 27, 2012

ආණ්ඩුව වග විය යුත්තේ ඇමරිකාවට නොවේ - PWC


ආණ්ඩුව වග විය යුත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ට නොව ලංකාවේ සැබෑ ලෙසම ප‍්‍රශ්න ඇති සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට බව 'සහෝදරත්වයේ ජනතා පවුර' (PWC) සංවිධානයේ විධායක කමිටු සාමාජික සම කැඳවුම්කරු සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කර සිටියි.
සහෝදරත්වයේ ජනතා පවුර (PWC) සංවිධානය විසින් අද (26) කොළඹ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩල ශ‍්‍රවනාගාරයේදී කැදවා තිබු මාධ්‍ය සාකච්ජාවේදී හෙතෙම එබැව පැවසිය.
සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානයේ විධායක කමිටු සාමාජික හා සම කැඳවුම්කරුවන් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති, රාමලිංගම් චන්ද්‍රසේකර් හා සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානයේ කිලිනොච්චි දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක සින්නතුරෙයි රාජේන්ද්‍රන් හා මඩකලපු දිස්ති‍්‍රක් සම්බන්ධීකාරක මොහොමඞ් ජමිල් මොහොමඩි රාවුෆ් යන අය සහභාගී වී සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසිය.

‘‘ 30 වසරක යුද්ධය අවසාන් වූවාට පසුව, යුද්ධයක් අවසන් රටක පාලකයින් කළ යුතු වූ යුද්ධයෙන් පීඩාවට පත්වූවන් සඳහා පාර්ශවයක් නොබලා වගවීමේ කි‍්‍රයාදාමය මේ ආණ්ඩුව ඉටු කළේ නෑ. විශේෂයෙන් යුද්ධය නැවති වසර 4ක් ආසන්න වුනා, අදවනතුරු දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, සරනාගතයින් යළි පදිංචි කරවීම, මුල් බිම්වල පදිංචිවී සිටින අයගේ ඉඩම් අත්පත් කර ගෙන ඔවුන් ඉවත් කිරීම, එසේම ජාතික, සංස්කෘතික සමගිය ආදී බොහෝ කාරනාද පිළිබඳව නිසි වගවිමක් තිබුනේ නෑ. අදටත් නෑ. අපේ සංවිධාන ආරම්භ කළේ පසුගිය ජගත් මානව හිමිකම් දිනයේදී. එදත් අපි ආණ්ඩුවට බලකලේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට ආණ්ඩුව වගකිය යුතු බවයි. ඒ වගවීම නැති නිසා තමයි ඇමරිකාව ඇතු`ඵ අධිරාඡු්‍යවාදීන් හමුවේ පරාජයට පත්වෙන්න ලංකාවට සිදුවුනේ.
රටක් ලෙස ලංකාවේ ස්වාධිපත්‍ය ජාත්‍යන්තර හමුවේ මේ ආණ්ඩුව විසින් හැල්ලූ කරලා තියෙනවා ඒක බරපතලයි, එහි වගකිම ආණ්ඩුව භාර ගත යුතුයි. යුද්ධයෙන් පසුවත්, මේ මොහොතේත් ආණ්ඩුවට ජනතාවට - විශේෂයෙන් උතුර හා නැගෙන හිර පළාත් දෙකේ - වග වීමෙන් ඔවුන්ගේ ජනතාවිශ්වාසය දිනාගැනීමක් කරනවා කියල අපිට පේන්නෙ නෑ.
උතුරේ හා නැගෙන හිර බොහෝ ගොවි ජනතාව වගාවන් කරන්නේ වගා ලිං ආශ‍්‍රයෙන් වතුර අරගෙන. ඒ සඳහා භූමිතෙල් හා විදුලිය ඇති තැන්වල විදුලි බලය යොදා ලන්නවා. නමුත් ආණ්ඩුව ගොවියන්ට විදුලිය හෝ ඉන්ධන සහනාධාරයක් ලබා දීලා නෑ. නමුත් වැඩිවූ විදුලි බිල හා ඉන්ධන බර ඔවුන්ට දරන්න සිදුවෙනවා.
ඔවුන් පදිංචි කිරීමේදී ඒ ජනතාව තමන්ගේ ඥාතීන් සමග පදිංචිව සිටි බිම් වලින් - ගම්වලින් වෙනත් ප‍්‍රදේශ වලට ගෙනියනවා. නැවත පදිංචි කිරීමකට වඩා නැවත අතරමං කිරීමක්. උදාහරණයකට මුුල්ලවෛක්කාල් වල සිටින අය පදිංචි කරලා තියෙන්නේ කොම්බාවීල්වල.
යුද්ධයෙන් පසුව ඒ ජනතාව සරණාගත කඳවුරුවලට ආවේ හිස් අතින්. ගතහැකි රෙදි පොට්ටනිය විතරක් අතට අරගෙන. ඔවුන්ගේ සෑම පවුලකටම අඩුමතරමේ බයිසිකලයක්, මෝටර් බයිසිකලයක් තිබුනා, වගා කරපු ගොවි උපකරණ යන්ත‍්‍ර තිබුනා. අද ඒවා ඒ ජනතාවට දෙනවා වෙනුවට පරණ යකඩ වලට දේශපාලන හිතවතුන්ට බෙදලා දෙනවා. ආණ්ඩුවේ වගවීම එහෙමයි.
තවමත් නිරන්තර හමුදා ප‍්‍රශ්න කිරීම් වලට ලක් වෙනවා. දේශපාලන නිදහසක් තියා පුද්ගලික නිදහසක්වත් නැහැ. පුදුකුඩු ඉරිප්පු හා මුහුදුබඩ පත්තුවේ ඡුන්දය පැවැත්වීම කල් දාලා තියෙනවා. ඒ වගේම ඡුන්ද පවත්වලා ප‍්‍රාදේශීය සභා පිහිටවූ පළාත්වල ඒ සභාවල මන්ත‍්‍රීවරුන්ට මහජන නියෝජිතයන් ලෙස වැඩකරන්න යන්න ඉඩ දෙන්නෙ නෑ.
ඒ වගේමයි අපරාධ සිදුවීමත් වීරකේෂරී මාර්තු 24 පත්තරය වාර්තා කරන්නේ ‘‘යාපනයේ ඇති ළමා හා කාන්තා අපයෝජන, දුෂණ, හිරිහැර කිරීම යුද්ධය පැවති කාළයටත් වඩා වැඩි බවයි කියලයි. එසේ කියා තිබෙන්නේ යාපනය දිසාපතිවරයායි.’’
මේ උදාහරණ වලින් පෙනෙනවා ආණ්ඩුව වග කියන්නේ ඇමරිකාවට මිස ලංකාවේ ජනතාවට නොවන බව. අපි අවධාරණය කරනවා ලංකාවේ ආණ්ඩුව වග විය යුත්තේ අධිරාජ්‍යවාදීන්ට නොවෙයි ලංකාවේ සැබෑ ලෙසම ප‍්‍රශ්න ඇති සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවටයි. එතනදී යුද්ධයෙන් පීඩාවට පත් උතුර හා නැගෙන හිර දෙමළ හා මුස්ලිම් ජනතාව වෙතටයි. අපි පෙනී ඉන්නේ ඒ සහෝදරත්වය වෙනුවෙනුයි. මෙසේ පැවසූ හඳුන්නෙත්ති මහතා ආණ්ඩුව තව දුරටත් ජනතාව මර්දනයට හා රැුවටීමට ලක් නොකර ජනතා ප‍්‍රශ්ණ විසඳීමට වග විය යුතු බවත් එසෙම් නොවන්නේ නම් උතුරු හා නැගෙනහිර පමණක් නොව මු`ඵ රටේම ජනතාව ඒකරාශී්කර ප‍්‍රගතිශීලී බලවේගයන් සමග එක්ව මේ අයුක්තිි සහගත පාලනයට එරෙහිව ක‍්‍රියාකරන බවත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ සහෝදරත්වයේ ජනතා පවුරේ විධායක කමිටු සාමාජික සින්නතුරෙයි රාජේන්ද්‍රන් ‘‘වසර 30 යුද්ධෙන් පස්සෙ අපි විශ්වාස කළා මේ ආණ්ඩුව පොරොන්දුවුන විදිහට උතුරුනැගෙන හිර ජනතාවට වැඩකරයි කියලා. නමුත් දැන් අපි කබලෙන් ලිපට වැටිලා. එදා යුද්දෙ තියෙනකොට ප‍්‍රභාකරන්ගෙන් බැටකාපු උතුරුනැගෙනහිර ජනතාව අද ආණ්ඩුවෙන් බැට කණවා. වන්නියේ ජනතාව දැන් මේ ආණ්ඩුවට වඩා ඇමරිකාව තමන් වෙනුවෙන් කතාකරනව කියල රැුවටිලා තියෙන්නෙත් ආණ්ඩුවෙම වැරදි නිසයි. ජනතාව ඒ තැනට තල්ලූකළේ ආණ්ඩුවයි.
අපි බුදුහාමුදුරුවන්ව හොඳට දන්නවා. උන්වහන්සේගේ ආගමික ඉගැන්වීම්වලයි අපේ හින්දු සංස්කෘතියෙයි ල`ග බැඳීමක් තියෙනවා. නමුත් දැන් උතුරේ බුදුන් වහන්සේව පෙන්වන්නේ විකෘති කරලයි. උතුරෙ ජනතාවට බුදුහාමුදුරුවන්ව ආක‍්‍රමිණිකයෙක් වගෙයි පෙන්වන්න හදන්නේ හැම හන්දියකම බුදුපිළිම දාන්නෙ ඒකටයි. ඒ වැඩවලින් වෙන්නේ ජාතික සමගිය ඇතිවෙනව වෙනුවට ජාතිවාදය ඇවිස්සෙන එකයි.’’යයිද සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසිය.
සහෝදරත්වයේ ජනතා පවුරේ මඩකළපුව දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක මොහොමඞ් රවුෆ් හා රාමලිංගම් චන්‍්‍රසේකර් යන අයද මෙහිදී අදහස් දැක්වීය.

















































Source - lankanewsweb.com

Share this article with your friends