මර්වින් සිල්වා, ඩිලාන් පෙරේරා, රෝහිත අබේගුණවර්ධන, සුසන්ත පුංචිනිලමේ යන අමාත්‍යවරුන් මෙන්ම කනක හේරත්, උදිත ලොකුබණ්ඩාර යන මන්ත‍්‍රීවරුන්ද රත්මලාන ආසනයේ සංවිධායක චන්දන කත‍්‍රිආරච්චි මහතාද ශ‍්‍රී ලංකා වරාය හා තරුණ සේවා සභාව යන රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ද මෙම මෙහෙයුම් කමිටුව නියෝජනය කරයි. එයාෆෝස් නිශාන්තට අමතරව ත‍්‍රිවිධ හමුදාවල සාමාජිකයින් 25කුද මෙම බලකායේ සම්බන්ධීකරණ කටයුතු සඳහා යොදවා තිබේ.
විපක්ෂයෙන් මතුවන විරෝධතා මර්දනය කිරීමට පොලීසිය හා හමුදාව කැඳවීම තුළ ජත්‍යන්තර වශයෙන් විරෝධයක් මතුවිය හැකි බැවින් මෙවැනි සිවිල් බලකායක සාමාජිකයන් යොදා ගෙන මෙම උද්ඝෝෂණවලට පහර දීම මෙම බලකායේ තරුණයින් යොදවා ගැනීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසීය. අත්‍යවශ්‍යම අවස්ථාවකදී හැර ගිනි අවි භාවිතා කිරීම මෙම පාදඩ බලකායට තහනම් කර ඇති අතර, යකඩ පොලූ, ගල්මුල්, යකඩ දම්වැල් මෙන්ම අසූචි පැකට් මෙම පාදඩ බලකායට නිර්දේශ කර ඇති ආයුද වේ.
Source - lankanewsweb.com