Chitika Smowtion 468x60


Tuesday, March 27, 2012

ජාතික රග්බි සංචිතයට යෝෂිත හා නාමල්


රග්බි වෘත්තිමය ක්‍රීඩාවක් කරයි
මසකට 25,000 ක්
තරඟ කාල වලදී 50,000 ක් 

ජාතික රග්බි සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් 37 දෙනෙකු වාර්ෂික ගිවිසුමකට ඇතුලත් කරගනිමින් රග්බි ක්‍රීඩාව වෘත්තීය ක්‍රීඩාවක් බවට පත්කිරීමට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පියවර ගෙන ඇත.


නාවිකා හමුදා පිල නියෝජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද මෙම සංචිතයට ඇතුලත්ව සිටි.

මෙම ක්‍රීඩකයන් 37 දෙනාට මසකට 25,000 ක ගෙවීමක් සිදුකරන අතර ලබන අප්‍රේල් මස පිලිපිනයේදී පැවැත්වෙන පස් සාමාජික රග්බි තරඟාවලියට සහභාගී වන ක්‍රීඩකයන් 23 දෙනාට මැයි මාසය දක්වා රුපියල් 50,000 ක ගෙවීමක් කිරීමට නියමිතය. එම කණ්ඩායමේ නායකත්වය දරන්නේ ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතායි.

මෙම ක්‍රීඩකයන්ට ගිවිසුම් නිල වශයෙන් පිරිනැමීම පසුගියදා ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතිනි.




Source: http://www.gossip9.com/2012/03/blog-post_2953.html#ixzz1qFxIFEoi 

Share this article with your friends