Chitika Smowtion 468x60


Tuesday, March 27, 2012

ලංකාවේ ගණිකාවන් සොයා යන පිරිමින්ගේ තරම


ලංකාවේ ගණිකාවන් 47,000 යි
ගණිකාවන් සොයන පිරිමි 90,000 යි 

ශ්‍රී ලංකාවේ පිරිමින් අනුදහසක් (90,000) පමණ අනාරක්‍ෂිතව ගණිකා සේවනය කරතියි ලිංගාශ‍්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය චන්ද්‍රිකා වික‍්‍රමසූරිය කියයි.


ශ්‍රී ලංකාව තුල එච්.අයි.වී ඒඩ්ස් හා ලිංගාශ‍්‍රිත රෝග අවම කිරීමේ අරමුණින් 2012 වසර සඳහා සැකසෙන සෞඛ්‍ය වැඩසටහන් වෙනුවෙන් අනුරාධපුර දී පැවති විද්වත් සාකච්චාවේදී විශේෂ දේශනයට එක වෙමින් වෛද්‍යවරිය මේ බව පවසා ඇත.




සෞඛ්‍ය අංශ කල සමීක්ෂණ වලට අනුව 2010 වසරේ සංඛ්‍යාලේඛන මගින් මෙරට කාන්තාවන් 35000 ත් 47000 ත් අතර සංඛ්‍යාවක් වාණිජ ලිංගික සේවයේ නියැලෙන බව දැක්වේ. ලිංගාශ්‍රිත රෝග වැලැක්වීම සඳහා යොදාගත හැකි අවසානම විකල්පය වන ආරක්‍ෂිත කොපු භාවිතා කිරීම කාන්තාවන්ගේ සේවා දායකයන් විසින් සියයට සියයක්ම භාවිතා නොකිරීම බරපතල ප්‍රශ්නයක් බව ඇය පෙන්වා දුනි.

ගණිකා නිවාස සම්භාහන මධ්‍යස්ථාන කැසිනෝ ශාලා හා කරෝකි සමාජ ශාලා ආශ්‍රිතව සිදු කරන ලද පරීක්ෂණ වලින් සොයාගත් දත්ත අනුව ආරක්‍ෂිත කොපු භාවිතා කරන ප්‍රතිශතය 63% කි. සම්භාහන මධ්‍යඨාන වල 70% කි. විථි ආශ්‍රිත ගණිකා සේයේ යෙදෙනන් 82% කි.

තවද අනාරක්ෂිත ගණිකා සේවනයේ යෙදීමෙන් ආසාදනවලට ගොදුරු වූ වැඩි පිරිස වයස අවුරුදු 30-44 කණ්ඩායමට අයත් වන අතර වයස අවුරුදු 20-44 වයස් කාණ්ඩයේ අය හා 15 -19 වයස් කාණ්ඩ වල අයද ආසාදනවලට ගොදුරු වී සිටිති.






Source: http://www.gossip9.com/2012/03/blog-post_2889.html#ixzz1qFzuzQYY 

Share this article with your friends