Chitika Smowtion 468x60


Tuesday, March 27, 2012

වරෙන්තුවක් තිබියදී මාස 8කට පසුත් සුදර්මන් තවමත් නිදැල්ලේ

ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ පුද්ගලයා අනුවය. ඔහු දේශපාලන සම්බන්ධකම් ඇත්තෙක් නම් කුමන හෝ ජඩ වැඩක් කර බේරී සිටීමට පුළුවන. කෙතරම් වංචා දූෂණ කළද එවැන්නන්ට ලංකාවේ නීතිය ක්‍රියාත්මක නොවේ.

අප මෙසේ කියන්නේ ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් ගැනීමේ දුෂිත ගණුදෙනුවෙන් පසු අධිකරණයේ වරෙන්තුවක් පවා තිබියදී පොලිස් ලොක්කන් ඇසුරු කරමින් නිදැල්ලේ සිටීම නිසාය.

2011 ජුලි 19 වන දින සුධර්මන්ට එරෙහිව වරෙන්තුවක් නිකුත් විය. වරෙන්තුව නිකුත් කොට මාස 6ක් ගතවුවද සුධර්මන් නිදැල්ලේ සිටියේය. ඒ නිකම්ම නොවේ, වරෙන්තුවක් තිබියදීත් පසුගිය අගෝස්තු 29 වනදා සුදර්මන් තම හිතවතකුගේ ගැටලුවක් සඳහා තලංගම පොලීසියට පැමිණ අපූරුවට පිටව ගියේය. පොලීසිය සිටියේ දැක්කත් නොදැක්කාසේය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සුදර්මන්ගේ හිතවතෙකි. මානුෂික මෙහෙයුම පිළිබඳව පොතක් එළිදැක්වූ අවස්ථාවේ ඔවුන් දෙදෙනා එක්ව සිටින ජායාරූපද පලවිය. ඒද වරෙන්තු කාලයේදීය.






වරෙන්තුවක් තිබියදීත් පසුගිය අගෝස්තු 29 වනදා සුදර්මන් තම හිතවතකුගේ ගැටලුවක් සඳහා තලංගම පොලීසියට පැමිණ අපූරුවට පිටවගිය අයුරු ජායාරූපයකට හසුවී තිබුනේ මෙසේය.

මාස 6කට පසුත් පොලීසිය විසින් අත් අඩංගුවට නොගත් සුධර්මන් රදලියගොඩ වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් පසුගිය පෙබරවාරි 09 වෙනිදා නියෝග කළේය.

සැකකරු බලවත් පුද්ගලයෙකු බැවින් පොලිස් හා අධිකරණ නියෝග නොසලකාහැර ඇතැයි නීතීඥයන් විසින් අධිකරණය හමුවේ පෙන්වා දුන් පසු නීතිය හමුවේ කිසිවෙකු බලවත් නොමැති බව සඳහන් කළ විනිසුරුවරිය විසින් තාරාතිරම නොබලා වහාම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිරිහාන පොලීසියේ වංචා විමර්ශන අංශයට නියෝග කළ බවයි වාර්තා වුනේ.

නමුත් සුදර්මන් අත් අඩංගුවට ගත්තේ නැත.

කෝට්ටේ රජකම් කල සපුමල් කුමරුගේ මඟුල් කඩුව ගැනීමට පැමිණ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කිරීමෙන් පසු පසුගිය 21 වනදා සුදර්මන්ද එතනට පැමිණියේය. ඒ නිකම්ම නොවේ, මධ්‍යම පලාත භාර සහකාර පොලිස් අධ්‍යක්ෂ අනුර සේනානායක සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි.

සුදර්මන්ට වරෙන්තුවක් තිබියදී ඊට මාස 8කට පසුත්, අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබියදීත්, ලංකාවේ නීතිය තඹේකට ගනන් නොගනිමින් ඔහු මෙසේ සිටින්නේ කිසිවක් නිසා නොව දේශපාලන ශක්තියක් ඔහු සතුව තිබෙන නිසාය.

පහත ජායාරූපයේ දැක්වෙන්නේ ඔහු එලෙස කෝට්ටේ රජමහා විහාරයට පැමිණ සිටි අයුරුයි.


පසුගිය මාර්තු 1 වනදා පැවති ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නිලි හිමාලි සයුරංගිගේ විවාහ සිදුවූ අතර එහි දෙවන දිනයේ පැවති උත්සවයට සුදර්මන් සහභාගීවී නර්තනයේ යෙදුනේ පහත වීඩියෝවේ පරිදිය






Source: http://www.gossip9.com/2012/03/8.html#ixzz1qJ0xWYM1

Share this article with your friends