ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අමාත්‍යාංශය යටතේ පාලනය වන මිල්කෝ ආයතනයේ සභාපති ලෙස රොහාන් වික්‍රමසිංහ නැමැති අය පත් කර ඇත්තේ ජනාධිපති ආර්යයාවයි. එහෙත් පසුගිය කාලය තුළ මෙම ආයතනය දවසින් දවස ආර්ථික වශයෙන් කඩා වැටෙමින් තිබුණද ජනාධිපති ආර්යාව හා සභාපතිවරයා අතර පවතින ඥාතීත්වය මත කිසිවෙකු ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කර නොමැත.
පසුගිය මාසය වනවිට මිල්කෝ ආයතනය යෝගට් නිෂ්පාදනයට අවශ්‍ය සීනි මිලදී ගැනීම වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 170ක මුදලක් සීනි වෙළෙඳුන්ට ගෙවීම තිබී ඇත. එසේම යෝගට් කෝප්ප සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 120ක මුදලක් එම සැපයුම් ආයතනවලට ගෙවීමට තිබී ඇත. මිල්කෝ නිෂ්පාදන ධාරිතාවය වැඩිකරන ලෙස වෘත්තීය සමිති නායකයින් බොහෝවරක් ඉල්ලා ඇතත් සභාපතිවරයා එම ඉල්ලිම් ප්‍රතික්ෂේප කොට නිෂ්පාදන ධාරිතාවය 60% ප්‍රමාණයක රඳවා ගැනීමට කටයුතු කර තිබේ.
මෙම තත්ත්වය යටතේ මිල්කෝ සේවකයින් අලූත් අවුරුදු දීමනාවක් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක යෙදී ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට අමාත්‍යාංශයට එන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා කළ ඉල්ලීම වෘත්තීය සමිති නියෝජිතයින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා නාරහේන්පිට මිල්කෝ ආයතනයේ අසලට පැමිණ වෘත්තීය සමිති නියෝජිතයින් සමග සාකච්ඡුා පවත්වා තිබේ. එහි දී සේවකයින් සියලූ දෙනාම පාහේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කාරීත්වය දැඩි ලෙස විවේචනය කර ඇත.
මේ පිළිබඳ වාර්තා වීමත් සමඟ තොණ්ඩමන් අමාත්‍යවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ඉවත් කොට ඇති අතර, ඉන් සුළු මොහොතකට පසු ජනාධිපතිවරයා විසින් ඔහුව යළි එම තනතුරට පත් කර තිබේ. මෙයින් කෝපයට පත් ඇමතිවරයා ජනාධිපතිවරයාගේ රහස්‍ය ලේකම් සචින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට කතා කොට ‘ජනාධිපතිවරයා බලූ වැඩක් කර ඇතැයි’ කියමින් බැණ වැදී තිබේ. ගුණවර්ධන මන්ත්‍රීවරයා වහාම ඒ පිළිබඳව ජනාධිපතිවරයාට පැමිණිලි කර තිබේ. එයින් කෝපයට පත් ජනාධිපතිවරයා තම ආවේග පාලනය කර ගත නොහැකිව, තොණ්ඩමන් ඇමතිවරයාගේ මෑණියන් පවා සිහිකරමින් දුරකතනයෙන් බැණ වැදී තිබේ.
‘තමුසේ චන්ද්‍රිකාට, රනිල්ට දාපු පාට් මට දාන්න එන්න එපා. ඒ චණ්ඩිපාට් රාජපක්ෂලට අල්ලන්නෙ නෑ. තමුසෙ නැතිවුණා කියලා මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමුසෙ හොඳින් දැනගන්න ඕනේ. මීට පස්සෙ ගොන් පාට් දාන්න ලෑස්තිවෙන්න එපා.’ යැයි ජනාධිපතිවරයා තොණ්ඩමන් ඇමතිවරයාට දැඩි ලෙස පවසා ඇත.
කෙසේ වුවද තොණ්ඩමන් අමාත්‍යවරයා ඉල්ලා අස්වීමේ ලිපියක් එවා ඇතැයි අද පස්වරුවේ වාර්තාව වීමත් සමඟ කළබලයට පත් වී ඇති ජනාධිපතිවරයා, වහාම තොණ්ඩමන් ඇමතිවරයා ඉන්නා තැනකින් රැුගෙන එන්නයි මෛත්‍රීපාල ඇමතිවරයාට දැනුම් දී තිබේ. තොණ්ඩමන් ඇමතිවරයා මේ මොහොතේ ඉවත් වුවහොත් එය ජාත්‍යන්තර වශයෙන් අයහපත් වශයෙන් බලපා හැකි බැවින් තවදුරටත් ඔහු අමාත්‍ය මණ්ඩලයේ රඳවා ගන්නා ලෙස ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ජනාධිපතිවරයා මෛත්‍රීපාල ඇමතිවරයා කැඳවා කෙසේ හෝ තොණ්ඩමාන් ගෙනවිත් දෙන ලෙස බැගෑපත්වී ඇත්තේ ඉන් අනතුරවය.
Source - lankanewsweb.com