Chitika Smowtion 468x60


Tuesday, March 27, 2012

රූපවාහිනී හා ගුවන්විදුලි නාට්‍ය පාලනයට නව පනතක්


රූපවාහිනී නාලිකා හ ගුවන්විදුලි නාලිකා මඟින් විකාශනය කරනු ලබන ටෙලි නාට්‍ය හා ගුවන්විදුලි නාට්‍ය ප්‍රමිතිකරණය සඳහා නව ප්‍රසාංගික කලා පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා.

බොහෝ රූපවාහිනී නාලිකා හා ගුවන්විදුලි නාට්‍ය රටේ සාරධර්මවලට අනුකූල නොවන බවටත්, පවුලේ සාමාජික සාමාජිකාවන්ට එක්ව නැරඹීමට හෝ ශ්‍රවණය කිරීමට නොහැකි බවටත් දිගින් දිගටම ලැබුණු පැමිණිලි මත මෙම තීරණය ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අනුව මින් ඉදිරියට සියළුම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකා නාට්‍ය විකාශයට පෙර, අදාල නාට්‍ය නව පනත මඟින් ඇතිකෙරෙන ප්‍රසාංගික කලා කමිටුවට ඉදිරිපත්කර එහි අනුමැතිය ලබගත යුතුය..



එහිදී අදාල අනුමැතිය නොලැබෙන නාට්‍ය විකාශණය කළ නොහැකිය.

මේ නව පනත සඳහා ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත සංශෝධනය කෙරෙන අතර ජනමාධ්‍ය අමාත්‍යාංශ හා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය එක්ව කටයුතු කරයි.








Source: http://www.gossip9.com/2012/03/blog-post_9137.html#ixzz1qKUvUHWk

Share this article with your friends