Chitika Smowtion 468x60


Tuesday, March 27, 2012

ජනාධිපතිගේ ජනප‍්‍රියතාවය සෙවීමට ජනමත විමසුමක්


ජනාධිපතිවරයාගේ ජනප‍්‍රියතාවය පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය බුද්ධි අංශය විසින් රහස්‍ය ජනමත විමසුමක් සිදු කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තාවේ. ජනාධිපතිවරයාගේ ඍජු නියෝග මත මෙම ජනමත විමසුම රාජ්‍ය බුද්ධිසේවයේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිස්ට මහතා විසින් සිදු කරනු ලබන අතර ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුනිමල් ප‍්‍රනාන්දු මහතා එහි කටයුතු අධීක්ෂණය කරනු ඇත.

ඉන්ධන මිල ඉහළ යෑමෙන් පසු හා ජිනීවා පරාජයෙන් පසු රට තුළ මහජන මතය විමසා බැලීම ද මෙම ජනමත විමසුමේ මූලික අරමුණක් වේ. එහි දී ජනාධිපතිවරයාගේ ප‍්‍රතිරූපය, විපක්ෂයේ ක‍්‍රියාකාරීත්වය, ආණ්ඩුවේ ජනප‍්‍රිය බාවය යන කාරුණුද විමසා බැලීමට අදාළ ප‍්‍රශ්නාවලියක් සකසා තිබේ.

සති හතරක් ඇතුළත මෙම ජනමත විමසුමට අදාළ වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස නියෝගකොට ඇති ජනාධිපතිවරයා, උතුරේ ජනමත විමසුමක් පැවැත්වීමේ වැදගත්කමක් නැතැයිද පවසා ඇත.

මෙම ජනමත විමසුමෙන් ලැබෙන ප‍්‍රතිඵල අනුව ජනාධිපතිවරයාගේ ඉදිරි දේශපාලන ක‍්‍රියා මාර්ගත තීන්දු කරනු ඇතැයි ඒ සම්බන්ධයේ අප කළ විමසීමකදී රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වෙත පැවසීය.


Source - lankanewsweb.com

Share this article with your friends