නමුත් ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ අඩුම ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 5000 ක් වශයෙන් නියම කිරීම හේතුවෙන් දහස් ගණනක් ක්‍රිකට් ලෝලීන් අපසුතාවයට පත්ව සිටිති.
මෙම ටෙස්ට් තරඟය නැරඹීම සඳහා දිනයක අවම ය කිරීම රුපියල් 5000 ක් වන අතර තරඟයේ සම්පුර්ණ දින පහම තරඟය නැරඹීමට නම් රුපියල් 25,000 ක් වය වෙයි.මෙම මුදල කිසිසේත්ම ශ්‍රී ලාංකිකයෙකුට ඔරොත්තු නොදෙන අතර බහුතරයෙකුගේ මාසික වැටුපවත් 25,000 ක් නොවන බව ක්‍රීඩා ලෝලීන් පෙන්වා දෙති.
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයට පැමිණි එක විදේශිකයෙකු පවසා ඇත්තේ තමා මිට පෙර අවස්ථා කිහිපයකදීම ලංකාවේ පවතී ක්‍රිකට් තරඟ නැරඹීමට පැමිණ ඇති බවත් මාස කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වූ තරඟයේ රුපියල් 500 ක් වූ ටිකට් පත එකවර රුපියල් 5000 ක් වුයේ කෙසේදැයි සිතා ගත නොහැකි බවයි.
ගාල්ල ටෙස්ට් තරඟයේ ප්‍රවේශපත්‍ර ඊයේ දිනයේත් විකිනෙමින් පැවතුන අතර එම ටිකට්පත්වලින් වැඩි හරියක් මිලදී ගනු ලැබුවේ විදේශිකයන් විසිනි.ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරංග පැවැත්වෙන සෑම අවස්තාවකදීම වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් පැමිණෙන ක්‍රීඩාංගනය ලෙස ගාල්ලඅන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය සැලකෙන අතර මෙයට පෙර ටිකට් පත් මිලකොට තිබුනේ රුපියල් 50 ත් 100 ත් අතර මුදලකටය.
මෙම තරඟාවලිය නැරඹීමට එංගලන්ත ක්‍රිකට් ලෝලීන් විශාල සංඛ්‍යාවක් මෙරටට පැමිණෙන හෙයින් අවස්ථාවෙන් උපරිම ආදායමක් ලබාගැනීමට ප්‍රවේශපත්‍ර වල මිල ඉහලදැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශකර සිටියා.
මේ පිලිබඳ අදහස් දක්වන නිශාන්ත රණතුංග මහතා
"ප්‍රවේශපත්‍ර මිල කරලා තියෙන්නේ රුපියල් 500 කට සහ 7500 කට යන මිල ගණන්වලට.එය ක්‍රිකට් ආයතනය විසින් ගන්න ලද තීරණයක්.අප ඒ තීරණය සමග ඉන්නවා.ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් ගෙවිය යුතු ගණන්වල වෙනසක් නැහැ.
මිල ගණන එකමයි.රුපියල් 5000 ගානේ ප්‍රවේශ පත්‍ර ගන්න බොහෝ ශ්‍රී ලාංකිකියන් අප දුටුවා.එක දවසට තියෙන අඩුම මිලගනන් ඒකයි".මේ අතර එංගලන්තයේ ක්‍රිකට් කණ්ඩායම සමගින් ලොව පුරා සංචාරයේ යෙදෙන "බාමි ආමි" නම් කණ්ඩායමද තරඟාවලිය වර්ජනය කිරීමට සුදානමෙන් පසුවන බව වාර්තා වේ.
Source: http://www.gossip9.com/2012/03/blog-post_4933.html#ixzz1qG4KP2sO