Chitika Smowtion 468x60


Tuesday, March 27, 2012

උපුටාගත් හෲද සාක්ෂිය - නාරද විජයසුරිය


පාලකයන් පාදඩයින් වන විට ඊට අනුරුපව පාලිතයින්ද පාදඩයින් වෙමින් සිටී. ඉදින් අපටද ඊට උඩින් හිතන්නට බැරිය .අපිදු දැන් පාදඩයින් වීමේ සිහිනයෙන් පෙළෙන අතර අපේ දරුවන්ද පාදඩයන් කිරීමේ ක්‍රම සොයා ගත යුතුය ; ලොකු උන් හිටගෙන කරන විට පොඩි උන් දුව දුව කලයුතුය.
රටේ හැම තැනම කාර්ය සාධන ක්‍රමවේදය වී ඇත්තේ "බලය " හා " බලහත්කාරයයි " රටේ මානව හිමිකම් කඩවීම් ගැන ජාත්‍යන්තරයට පැමිණිලි කරන්නට ගිය මානව හිමිකම් වෙළඳුන්ගේ අඬු කඩන බව ආචාර්ය මර්වින් සිල්වා ඇමතිතුමා ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා මහජනතාවගේ ඔල්වරසන් මැද තර්ජනය කරයි.
එයද මානව හිමිකම් කඩ කිරීමකි ; දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධනීය වරදකි . උන්ට තවත් කියක් හරි හිඟා කෑමට " අලුත් තුවාලයකි " ප්‍රජාතන්ත්‍ර වාදී රටක මානව හිමිකම් කේලාම් කරුවන්ට පවා ඉඩක් තිබිය යුතුය ;ඔවුන්ගේ ක්‍රියාකලාපය අඩු වැඩි වශයෙන් සාධාරණ විය හැකිය .ගෙදර දොරගුල් දමා , හාම්පුතා මෙහෙකාරියව දුෂණය කරන්නට යනවිට ,ජනේලයෙන් පැන එහා ගෙදරට දුවන්නට සිද්ධ වෙන බවද අමතක කලයුතු නැත .

නීතියේ ආදිපත්‍යය පවතිනවානම් , එවන් රටක ඔවුන්ගේ ක්‍රියාකලාපය විග්‍රහ කලයුත්තේ අධිකරණය සහ මහජනතාවයි ; කෝට්ටේරජමහාවිහාරයේසංඝපීතෘවරුන්ඝාතනය කළැයි සැකකෙරෙන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාට අධිකරණ භුමිය තුල පහර දී ; කෙල පඩික්කම් නාවන්නේ අහිංසාවාදී බුදු දහම උගත් , පන්සිල් සමාදන් වන ,භික්ෂු , උපාසික, උපාසිකවන්ය , මෙහෙණින් වහන්සේ කෙනෙකුත් සිටියානම් සිව් පිරිස සපිරේ.
මිනීමරුමක විත්තිකරුවකු පවා උසාවියෙන් වරද කරුවකු වෙනතෙක් නිවැරදි කරුවෙකු ලෙස සැලකිය යුතුය ; මෙතනින් මතුවන විසංවාදයකි.
අගතියට පත් සාමාන්‍ය ජනතාව නීතිය අතටගෙන තිබේ .එමගින් අධිකරණය පිලිබඳ විශ්වාසය හා ගෞරවය බිඳ වැටෙමින් පවතී ;( ඒ ගැන වෙනම කතා කලයුතුය ) මහජනතාව නීතිය අතට ගන්නේ පාදඩකරණය වූ සමාජයේ ප්‍රතිපල ලෙස එලියට විසිවන දුර්වල කුඩා අංශුන්ට එරෙහිව පමණි.
නමුත් එවැනි මිනීමරුවන් බිහිකරන , පසු පස සිට ඔවුන් මෙහෙයවන හේතුකාරක මහා බලවේගවලට එරෙහිව හඬක් නගන්නට බැරි තරම් ඔවුන් නිවටය ;නැතහොත් හුදෙකලාය. සිද්ධිය දෙස බලා වටේ සිට හුරේ දාන පිරිසගේ ප්‍රතිචාරයද එසේමය.
අප සුනාමිය එන්නට මොහොතකට පෙර රළ බැස ගියවෙරල පතුලේ සිප්පිකටු ඇහිදිමින් පණ ගැහෙන මාළුන්ගේ විසිතුරු නරඹමින් සිටිමු නීතියේ ආදිපත්‍යය කෙලෙසීමේ මහා ව්‍යසනය ඔවුනට නොහැඟේ ; නීතිඥයාට පහරදීම සාධාරණදැයි අපි අසා බලමු ; ඕකව මැරුවත් මදි ! අපේ හාමුදුරුවන්ව අපවත් කරපු එකා වෙනුවෙන් කතා කරපු එකාට ඔහොම ගහල මදි ! කෝ උගේ ගෙදර , ගිනිතියන්න ඕනේ ! අඹු දරුවන්ටත් ගහන්න ඕනේ ! වැනි පිළිතුරු 90% ක්ම අසන්නට ලැබිය හැක .
මොළය උඩ ඉඳගෙන ආවේග වලින් ක්‍රියාකරන සමාජයක් බිහිකර ඇත !
ඔබ පදවන වාහනයට පාර මැද සිටගෙන සිටි කුඩු කාරයෙක් යට වූ විට අවට සිටින මිනිසුන් ඉවක් බවක් නැතිව ඔබට නාහෙන් කටින් ලේ දාන තුරු ගහන දවස ඉක්මනින්ම
උදාවේවායි පතමි . මන්ද පුහුලට තියන්නේ කලින් ලබ්බට තිබ්බ අතම වන බැවිනි !
මේ පාලක පන්තිය විසින් වැපිරූ බීජයේ අස්වැන්නය ! සුළං වපුරා සුළි සුළං වලින් අස්වනු නෙලමින් සිටිමු !


Source - lankanewsweb.com

Share this article with your friends