Chitika Smowtion 468x60


Saturday, March 24, 2012

නීතීඥවරියක් වීම මගේ ඊලඟ අපේක්ෂාවයි - උපේක්ෂා


උපේක්‍ෂා ස්වර්ණමාලි නීතිඥ වෘත්තියට ද පිවිසීම සඳහා මේ වන විට අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින බව ඇය විසින් පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

නීති උපාධිය සඳහා මේ වනවිට "යුනිවර්සිටි ඔෆ් ලන්ඩන්" හි අධ්‍යාපන කටයුතු වන නිරතව සිටින බවයි ඇය පවසන්නේ.

ගෙවී ගිය වසර හයක කාලයේදී ආර්ථික වාසි තකා රංගනයෙහි නියැලීමක් සිදු නොකළ බව කියා සිටිනා ඇය, කලාකාරිනියක ලෙසින් තමන්ට ලැබුණු චරිත සම්බන්ධයෙන් තෘප්තිමත් නොවන බවද පවසා සිටීනවා.

මංත්‍රීවරියක වුවද, නීතීඥ වරියක් වුවද කෙදිනකවත් රඟපෑමෙන් ඉවත් නොවන බවත් ඇය කියා සිටින්න්නේ "කවදාහරි අපේ දෙනවක හාමිනේ මහත්මිය වගේ දීර්ඝ කාලයක් දක්වා වුණත් රඟපෑමේ කටයුතුවල නිරත වේවි" යනුවෙනි.


කලකට ඉහත උපේක්ෂා කුවෙට්හි සිට මෙරටට පැමිණියේ වෙනත් රටකට යාමේ අරමුණ ඇතිව මානව සම්පත් කළමනාකරණය ඉගෙන ගැනීමටයි. ඉන්පසු රංගනයට පිවිසීමෙන් පසු ජනතාව අතර ප්‍රසිද්ධ වුනේ පබාගේ චරිතයෙනි.

පබාගේ ජනප්‍රියත්වයත් සමඟ සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන වේදිකාවට නැඟීමෙන් දේශපාලනයට පිවිසි ඈ ඉන්පසු එක්සත් ජාතික පක්ෂයෙන් ජන්දය ඉල්ලුවේ සරත් ෆොන්සේකාවද අමතක 
කර දමාය.

එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ඈ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට ආණ්ඩු පක්ෂයට පැන්නේ එක්සත් ජාතික පක්ෂයද අමතක කරමිනි.










Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

Share this article with your friends