Chitika Smowtion 468x60


Saturday, March 24, 2012

යුද ජයග‍්‍රහණය සඳහා කිසිම ජාතියක් උදව් නොකළ බව කියන ජනාධිපතිට ‘මේන් ස්ටී‍්‍රම්’ වෙතින් පිළිතුරක් !


2009 වසරේ මැයි මාසයේ ශී‍්‍ර ලංකා හමුදාවන් විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය පරදා ලබාගත් යුද ජයග‍්‍රහණයට ලෝකයේ කිසිදු රටක් උදව් නොකළ බව කියන, එය තමන්ගේ ඒක පුද්ගල වීරවික‍්‍රමයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන, ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙත ඇමරිකානු ආරක්‍ෂක අංශ එම වකවානුව තුළ කි‍්‍රයා කළ ආකාරය සංක්‍ෂිප්තව ගෙන හැර දැක්වීමට ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් අවසන් සටන මෙහෙයවීම සඳහා නිර්මාණය කළ ‘මේන් ස්ටී‍්‍රම්’ කණ්ඩායමේ සාමාජිකයෙක් පහත තොරතුරු අප වෙත අනාවරණය කර සිටියේය.


2006 වසරේ ශී‍්‍ර ලංකාවේ විදේශ අමාත්‍ය ධූරය හෙබ වූ මංගල සමරවීර මහතා විසින් එවකට ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ආචාර්ය කොන්ඩලීසා රයිස් මෙනවිය වෙතින් කළ ඉල්ලීමකට ප‍්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඇමරිකානු ආරක්‍ෂක අංශ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කි‍්‍රයාකාරකම් ඇමරිකාව තුළ මැඬ පැවැත්වීම සඳහා විශේෂ කාර්ය බළකායක් (Task Force) ස්ථාපිත කර ඇත.

එම විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂා සහිත නියෝජිතයන් (Under Cover Agents) විසින් ගුවන් යානා නාශක මිසයිල මිලදී ගැනීම සඳහා කැනඩාවේ සිට දේශසීමා මායිම් ඔස්සේ රහසින් නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි එල්.ටී.ටී.ඊ. නියෝජිතයන්, 2007 වසරේ ජනවාරි මස අත්අඩංගුවට ගෙන, ඔවුන් සිරගත කොට එම පුද්ගලයින් සතු වත්කම් රාජසන්තක කිරීම මගින් කොටි සංවිධානයේ ආයුධ මිලදී ගැනීම් ජාලය වෙත මරු පහරක් එල්ල කොට තිබේ. මෙම කි‍්‍රයාව එක්සත් ජනපද රජය විසින් සිදු කොට ඇත්තේ එවක විදේශ ඇමතිවරයා එක්සත් ජනපදය සමග පවත්වාගෙන ගිය යහපත් රාජ්‍යතාන්ති‍්‍රක සම්බන්ධතාවය හේතු කොට ගෙනය.
මීට අමතරව, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආයුධ ප‍්‍රවාහනය නැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකා රජයේ ඉල්ලීම පිට ‘‘US-Hawai Pacific Fleet’’ නෞකා සමූහයෙන් ඉන්දියන් සාගරයේ ආරක්‍ෂක කටයුතුවල නිරතව සිටින ‘‘7th Fleet-USS Blue Ridge’’ වෙතින් කොටි සංවිධානයේ නෞකාවන්වල කි‍්‍රයාකාරකම් සඳහන් වන චන්ද්‍රිකා ඡායාරූප ඇමරිකානු එක්සත් ජනපද කොළඹ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිතයා මගින් ශී‍්‍ර ලංකා හමුදාවන් වෙත අඛණ්ඩවම සපයා තිබේ.
මෙසේ සැපයුනු චන්ද්‍රිකා ඡායාරූප (Satalite Images) කියවීමට සමත් නිලධාරියෙකු ශී‍්‍ර ලංකා හමුදාවන් තුළ නොවීම නිසා වහා කි‍්‍රයාත්මක වුණු කොළඹ ඇමරිකන් තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිතයා ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මේජර් කැලූම් මද්දුමගේ මහතා හට විශේෂ ශිෂ්‍යත්වයක් ලබාදී ‘‘කොලරාඩෝ මිලිටරි ඇකඩමියේ’’ සීඝ‍්‍ර පාඨමාලාවක් සඳහා සියලූ පහසුකම් සලසා දී තිබේ.
ඉන් අනතුරුව නාවික සැතපුම් 700 කට එපිට ඈත ගැඹුරු මුහුදේ සිදු වන එල්.ටී.ටී.ඊ. නාවික කි‍්‍රයාවන් මැඬ පැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකා නාවික හමුදාව කි‍්‍රයා කළ යුතු ආකාරය සහ හඹා ගොස් පහරදීමේ ක‍්‍රමවේදයන් පිළිබඳව ශී‍්‍ර ලංකා නාවික හමුදාව දැනුවත් කිරීම සඳහා එවකට නාවික හමුදාපති ධූරයෙ හෙබ වූ රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාව ඇමරිකාවේ, හොනලූලූහි සුප‍්‍රසිද්ධ ’පර්ල් හාබර්’ වෙත ගෙන ගොස් මසකට ආසන්න කාලයක් විශේෂ පුහුණුවක් සංවිධානය කොට දී තිබේ.
මෙම විශේෂ පුහුණුවේ ප‍්‍රතිඵලයක් වශයෙන් හා චන්ද්‍රිකා ඡායාරූප සපයා දී කරන ලද අනුග‍්‍රහයන් හේතු කොට ගෙන ශී‍්‍ර ලංකා නාවික හමුදාවට ශී‍්‍ර ලංකාවට නාවික සැතපුම් 700 ක් එපිටින් පිහිටි ඈත ගැඹුරු මුහුදේ එල්.ටී.ටී.ඊ. මුහුදු කොටි කි‍්‍රයාකාරකම් සම්පූර්ණයෙන්ම පාහේ මැඬ පැවැත්වීම සඳහා තාක්‍ෂණික අනුග‍්‍රහය සහ අධීක්‍ෂණය සපයා ඇත්තේ ඉන්දියන් සාගරයේ ආරක්‍ෂාව සඳහා ස්ථාන ගත කොට තිබෙන ‘‘7th Fleet-USS Blue Ridge’’ නාවුක බළඇණියයි.
ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් 2008 නොවැම්බර් සහ දෙසැම්බර් මස කාලයන්හි එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අවසන් සටන සඳහා ගෙන එමින් තිබූ ශී‍්‍ර ලංකා හමුදාවන් පවා සතු නොවූ අධිතාක්‍ෂණික ආයුධ සියල්ල නාවුක සැතපුම් 700 කට එපිටින් පිහිටි ඈත ගැඹුරු මුහුදේදී පහරදී විනාශ කරන ලද්දේ ඇමරිකන් නාවුක හමුදාවෙන් ලැබුණු ඉහත කී අනුග‍්‍රහ මතය. යම් හෙයකින් එම ආයුධ නැව් 07 - 08 ක ප‍්‍රමාණය ශී‍්‍ර ලංකාවේ උතුරු හා නැගෙනහිර වෙරළවල් වෙත සේන්දු වූයේ නම් යුද්ධයේ අවසාන ප‍්‍රතිඵලය මීට වඩා බොහෝ වෙනස් එකක් වනු ඇතැයි මේ පිළිබඳව අප වෙත කරුණු හෙළිදරව් කළ ‘මේන් ස්ටී‍්‍රම්’ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ඔහු තවදුරටත් පවසා සිටියේ, ඊශ‍්‍රායලය සහ බි‍්‍රතාන්‍යය, කොටි සංවිධානයේ කි‍්‍රයාකාරකම් මැඬ පැවැත්වීම සඳහා ශී‍්‍ර ලංකා රජයට අනුග‍්‍රහය දැක් වූ ආකාරය පිළිබඳ සවිස්තරාත්මක විස්තර ඉදිරියේදී හෙළිදරව් කිරීමට තම ‘මේන් ස්ටී‍්‍රම්’ කණ්ඩායම තීරණය කර ඇති බවයි. එම රටවල්වලින් ලද අනුග‍්‍රහයට තම කණ්ඩායමේ නායකයා වන ජනරාල් සරත් ෆොන්සේකා මහතා සැමවිටම කෘතවේදී වන බවත්, එම රටවල්වල අනුග‍්‍රහය නොවන්නට මෙම යුද ජයග‍්‍රහණය යථාර්ථයක් නොවනා සේම, එම යථාර්ථයන් අමතක කොට ජනාධිපතිවරයා සහ ඔහුගේ සොයුරා සේ ගුණමකුවන්වීමට තම ‘මේන් ස්ටී‍්‍රම්’ කණ්ඩායමට නොහැකි බවත්ය.

Source - lankanewsweb.com

Share this article with your friends