Chitika Smowtion 468x60


Saturday, March 24, 2012

අර්ථසාධකයේ වංචාවක් - වත්කම් අනතුරේ


ආණ්ඩුවේ ප‍්‍රභලයෙකුගේ ලේකම්වරයෙකු සිදුකළ සේවක අර්ථසාධක අරමුදල් ගිනුමේ මූල්‍ය වංචාවක් හේතුවෙන් අරමුදල සතු කොටස් වෙළද පොල වත්කම් පෞද්ගලික සාමගමකට හිමිවෙමින් තිබේ.
එයිට්කන් ස්පෙන්ස් සමාගම කොටස් වෙළදපොල සතු තම වත්කම් දිගින් දිගටම විකුණා දමමින් තිබේ. එම කොටස් අතර ඊ.පී.එෆ් අරමුදලේ 5% කොටස්ද විදේශ සමාගමකට විකුණා ඇත. කොටස් රුපියල් 115 බැගින් වූ කොටස් මිලියන 20.5ක් අදාල විදේශ සමාගමට විකුණා ඇත. එම ගණුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 2.36 කට ආසන්න වේ.
ආණ්ඩුවේ ප‍්‍රභලයාගේ ලේකම්වරයා විසින් තම දියණිය සේවය කරන ගෑස් සමාගමක කොටස් ආයෝජනයට සේවක අර්ථ සාධක අරමුදල් යොදවා ඇත. එහෙත් මෙ කොටස් මිලදී ගැනීමේ ගණුදෙනුවේදී රුපියල් බිලියනයක පමණ මුදලක් අයතා ලෙස හුවමාරු කර තිබේ. එනම් අදාල කොටස් විකිණීම සඳහා කොටස් වෙළද පොල තුලදී කොටසක මිල රුපියල් 48 ක් ලෙස නියම කර තිබී කොටස් විකිණීමෙන් සතියකට පසුව කොටසක මිල රුපියල් 40 දක්වා පහත වැටී තිබේ. මෙලෙස සිදුවූ අලාභය පියවා ගැනීම සඳහා සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළද පොල තුල ආයෝජනය කර ඇති කොටස් විකුණමින් සිටිති.

Source - lankanewsweb.com

Share this article with your friends