Chitika Smowtion 468x60


Saturday, March 24, 2012

ජනපති රාජාසනේ ඉන්නකන් මම ඉන්නවා - මර්වින්


තමුන්නාසේලා එක රැස්වෙලා කියන්න උඹ පලයන් මර්වින් කියලා - එදාට මම යනවා


කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු විසින් මර්වින් සිල්වා වෙත දුෂණ චෝදනා එල්ල කල විට දිගු කලක් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටි මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා අද දිනයේ තමාගේ ඇමති ධුරය සහ ආසන සංවිධායකකම පිලිබඳ ප්‍රසිද්ධියේ අදහස් දැක්වුවා.

එතුමා මෙම අදහස් පල කලේ කිරිබත්ගොඩ නගරයේදී පවතී විරෝධතා රැලියකට සහභාගී වී සිටියදීය. එහිදී මර්වින් සිදුකල කතාව පහතින් බලන්න

"මම ස්තුතිවන්ත වනවා සියලු මාධ්‍යයට සජීවීව මම පැය ගානක් බැලුවා...සුද්දන්ගේ මුණු ඇටිකෙහෙල් ගිලපු උගුඩුවන්ගේ වගේ..අපට 15 උන්ට 24 යි හොඳ කතාවක් කරලා ජන්දයෙන් වැලකි හිටියා 8 දෙනෙක්.15 යි 8 යි 23 යි. පර සුද්ද එකෙන් තමයි ඔලුව ඉස්සුවේ.එකෙන්..


ඉතින් ඔබාමා මැතිතුමනි නටපු නැටුමකුත් නා බෙරේ පලුවකුත් නෑ..මේ රටට අත තියන්න කාටවත් බැහැ.මම කනාගටු වනවා අපේ රටේ පෙකෙනිවල කපපු පාහරයෝ සුන්දන්ද දේශප්‍රිය,නිමල්කා ප්‍රනාන්දු ලා..පොද්දල ජයන්ත ලංකාවෙන් මම එලෙව්වේ..අද ප්‍රසිද්ධියේ කියන්නේ..උන් ගියේ මම නිසා..

තව එකෙක් ඉන්නවා පාක්‍යසෝත..මුන් තමයි ජිනීවා ගිහිල්ල මේ රටට විරුද්ධව උඉන් තමයි සාක්කි දුන්නේ..ප්‍රසිද්ධියේ කියන්නේ මේක දාන්න..තොපි මට අහුවෙන්න ලංකාවේ හිටියොත් තොපේ අතපය ප්‍රසිද්ධියේ කඩන එකා තමයි මර්වින් සිල්වා කියන්නේ..වගකීමක් ඇතුව කියන්නේ..මට මොකා මොන කුමන්ත්‍රන කරත් මගේ රට ඔබේ රට..මම හොඳ සිංහල බෞද්ධයෙක්..මගේ සිංහල කමයි බෞද්ධ කමයි වෙන්දේසියේ දාන්න කාටවත් දෙන්නේ නැහැ.

තමුන්නාසේලා එක රැස්වෙලා කියන්න උඹ පලයන් මර්වින් කියලා...එදාට බුලත් කොලේ කොලේ හැමෝටම දීලා ඔලුව නමල වැඳලා මම යනවා..ඔබ කිව දවසට..ඔබ කිව දවසට..මගේ මන්ත්‍රීකම ඔබ දුන්න මන්ත්‍රීකම 2016 වෙනකන් තියනවා..ජනාධිපතිතුමා දුන්න ඇමතිකම ජනාධිපතිතුමා ඉන්නකන් එක වෙනස් වෙන්නේ නැහැ..මගේ සංවිධායකකම කැලණිය විතරක් නෙවෙයි තවත් ආසනයක් දෙකක් බලන්න සිද්ධ වෙයි කියල පණිවිඩයක් මම දෙනවා" 


එහි වීඩියෝව පහතින් බලන්න 
 






Source: http://www.gossip9.com/2012/03/blog-post_4931.html#ixzz1pypUzv1x 

Share this article with your friends