ජනාධිපතිවරයාත් ආරක්ෂක ලේකම්වරයාත් රටජාතිය වෙනුවෙන් කොතරම් වැඩකොටසක් ඉටුකළද විදේශ අමාත්‍යාංශයේ දුර්වලතාවයන් නිසා දවසින් දවස ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපහසුතාවයට පත්වෙමින් තිබෙන බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පැහැදිලි කර ඇත.
විදේශ කටයුතු ඇමතිවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මුලූමනින්ම අසාර්ථක බව සඳහන් කර ඇති ආරක්ෂක ලේකම්වරයා, එම අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා සහ අතිරේක ලේකම් ශෙනුකා සෙනවිරත්න මහත්මිය අතර පවතින අභ්‍යන්තර ගැටුමද විදේශ අමාත්‍යාංශයේ කටයුතුවලට අහිතකර ලෙස බලපා ඇති බව කරුණු කාරනා සහිතව ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම ප‍්‍රතිසංවිධානයට ලක් නොකල හොත් ආරක්ෂක අමාත්‍යාංශය ලබාගත් ජයග‍්‍රහණ වතුරේ යනු ඇති බවටත් ආණ්ඩුව බිඳ වැටීමට පවා එය හේතුවිය හැකි බවටත් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී ජනාධිපතිවරයාට අනතුරු අඟවා තිබේ.
මේ අනුව සිංහල හින්දු අලූත් අවුරුද්දෙන් පසු විදේශ අමාත්‍යාංශය මුලූමනින්ම ප‍්‍රතිසංවිධානය කිරිමට ජනාධිපතිවරයා එකඟත්වය පළකර ඇතැයි ජනාධිපතිලේකම් කාර්යාලයේ නිලධාරියෙකු අප වෙත පැවසීය.
Source - lankanewsweb.com