Chitika Smowtion 468x60


Saturday, March 24, 2012

දයාන් ජයතිලක සහ තමරා කුලනායගම් කැපෙයි


මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාව පිලිබදව ඉදිරිපත් වූ යෝජනාව පරජය වූ නමුත් සතරදිගින්ම තානාපතිවරු ජිනීවා කරා කැදවන ලද අතර එක් පැයක ගුවන් ගමනක දුරින් සිටි ප‍්‍රංශයේ තානාපති දයාන් දයතිලක මහතා නොකැඳවිම ජිනීවා තානාපති අංශවල විශේෂ කතාබහට හේතුවක් වී තිබේ.
ඉන්දියාවේ ශ‍්‍රී ලංකා තානාපති ප‍්‍රසාද් කාරියවසම්, ජර්මනියේ ශ‍්‍රී ලංකා තානාපති සරත් කොන්ගහගේ, ජිනීවාවල හිටපු තානාපති ශෙනුකා සෙනවිරත්න යානදි තානාපතිවරුන්ගෙන් මානව හිමිකම් කවුන්සිලය පිරිගිය නමුත් 2009 දී ශ‍්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව පරාජය කිරීමට මූලිකත්වය ගත් දැනට ප‍්‍රංශයේ තානාපතිවන දයාන් ජයතිලක මහතා කැඳවා තිබූනේ නැත.

මීට මසකට ඉහතදී පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් දයාන් ජයතිලක මහතා පවසා තිබුනේ ශ‍්‍රි ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය විදේශ ඇමති ජී.එල් පීරස් මහතා සහ ජනාධිපතිවරයා අතමත පමණක් පැවතිය යුතු බවයි.

මානව හිමිකම් කවුන්සිලයේදී ශ‍්‍රී ලංකාව පිළිබද යෝජනාව සාකච්ඡාවට ගත් 22 දින විදේශ ඇමති ජී.එල් පීරිස් මහතා පසුපස අසුනක තබා කවුන්සිලය ආමන්ත‍්‍රනය කරන ලද්දේ මහින්ද සමරසිංහ මහතා විසිනි. ඔහුට ආසන්න අසුනේ අසුන්ගෙන සිටියේ හිටපු නීතිපති මොහාන් පිරීස් මහතාය.

ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා විසින් වර්ණනා කරන ලද තවත් තානාපති චරිතයක් වන ජිනීවා හි ශ‍්‍රී ලංකා තානාපති තමරා කුලනායගම්ද මෙම දේශපාලන සුලියට හසුවී තිබෙන බවත් ලගදීම ඇය නැවත කියුබානු තානාපති ධූරයට යැවිමට නියමිත බවත් ජිනීවා ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර දයාන් ජයතිලක මහතා අමතන විදේශ පුවත්පත් කලාවේදීන්ට ඔහු අවධාරනයෙන් පවසා සිටින්නේ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඔහුගේ විෂය හැසිරවීමට පමණක් සීමාවීමෙන් ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තියට විශාල මෙහෙයක් කළ හැකි බවයි.


Source - lankanewsweb.com

Share this article with your friends