Chitika Smowtion 468x60


Saturday, March 24, 2012

ඩලස්ගේ ‘සිංහ කොඩි මෙහෙයුම’ හාස්‍යයට ලක්වේ


ඇමරිකානු බලවතා ඉදිරියේ ජිනීවා මානව හිමිකම් සමුලූවේදී ශ‍්‍රී ලංකාව ‘හොද සටනක්’දී ඇමරිකාවට අභියෝග කිරීම සමරමින් දින 7ක් පුරා සෑම ස්ථානයකම ජාතික කොඩි ඔසවා තබන්නැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙරේදා (22) කළ ප‍්‍රකාශය ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේම හාස්‍යයට ලක්වී තිබේ.
රජයේ හා පෞද්ගලික ආයතනවල ජාතික කොඩි උසවා තබන ලෙසත්, සෑම නිවසකම වාහනයකම ජාතික කොඩි සවිකරන ලෙසත් අලහප්පෙරුම අමාත්‍යවරයා මාධ්‍ය හරහා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. ඇමතිවරයා එම ඉල්ලීම සිදුකොට ඇත්තේ ජනාධිපතිවරයාගේ අදහසක් අනුවය.

ජනීවා සමුලූවේදී ‘එක ලකුණකින්’ පමණක් පරජය වී ඇතැයි කියමින් තවදුරටත් ජනතාව රැවටිය නොහැකි බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට ඇති ඇමතිවරුන් කිහිප දෙනෙකු, ‘‘මහ එකා කීවත් අපිනම් කොඩි දාන්නේ නැතැයි’’ පවසා තිබේ.
මානව හිමිකම් සැසිවාරයේදී එහි සාමාජික රටවල් 47න් ශ‍්‍රී ලංකා රජයට සහාය පළකරනු ලැබුවේ 15 දෙනෙකු පමණි. 24 දෙනෙකු ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය ලබාදුන් අතර තවත් රටවල් 8ක් ශ‍්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දීමෙන් වැලකී සිටියේය. ඒ අනුව රටවල් 23ක් ශ‍්‍රී ලංකා රජයට පිටුපා තිබේ.

සිරියාවට එරෙහිව ගෙන එනු ලැබූ යෝජනාවේදීද මානව හිමිකම් කොමිසමේ රටවල් 47න් රටවල් 12 ක් සිරියාවට පක්ෂව ඡන්දය භාවිතා කළේය. මෙවැනි සමුලූවකදී වෙනත් රටකට එරෙහිව ගෙනඑන  ඕනෑම යෝජනාවකදී රටවල් 10ක් 12ක් පමණ එවැනි යෝජනාවලට එරෙහිව ඡන්දයදීම සාමාන්‍ය ලක්ෂණයක් බව පසුගිය කාලයේ ඡන්ද ප‍්‍රතිඵල සොයාබැලීමේදී දැක ගත හැක. ඒ අනුව ශ‍්‍රී ලංකාවට පක්ෂව ඡුන්ද 15ක් ලැබීම ‘සිංහ කොඩි’ ප‍්‍රදර්ශනය කරමින් ඔල්වරසන් නැගීමට තරම් හේතුවක් නොවන බව ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු අප වෙත පැවසීය.

මෙම ඡන්දයේදී අත්වූ විශාලතම පරාජයවන්නේ ලෝක බලවතෙකුවන අසල්වැසි ඉන්දියාව ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡන්දයදීම බව ඔහු වැඩිදුරටත් පැවසීය. එම තත්ත්වය යටතේ ශ‍්‍රී ලංකා රජය අනාගතයේදී බරපතල දේශපාලන අර්බුදයකට ලක්වීමට බෝහෝ දුරට ඉඩ ඇති බවත්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව තිබූ නොබැදි ජාත්‍යන්තර ප‍්‍රතිපත්තියෙන් බැහැරවී කටයුතු කිරිම මෙවැනි තත්ත්වයක් උදාවීමට බලපෑ මූලිම හේතුව බවත් එම අමාත්‍යවරයා අවධාරනය කර සිටියේය.


Source - lankanewsweb.com

Share this article with your friends