Chitika Smowtion 468x60


Saturday, March 24, 2012

නායකත්ව පුහුණුවේ සැඟවුණු පැතිකඩ එස්.බි හෙළිකරයි


නායකත්ව පුහුණුවෙන් සිසුන් 553 ක් ආබාධයට ලක්වෙලා  

පේරාදෙණිය සිකුරිටි ගංජා බෙදනවා 

"රක්නා ලංකා" ළමයින්ගේ නිදහස සිමා කරනවා 
    විශ්ව විද්‍යාල සිසුන්ට ලබාදෙන නායකත්ව පුහුණු වැඩසටහන අතරතුරදී සිසුන් 553 දෙනෙක් ආබාධයන්ට ලක් වූ බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

    එහිදී දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසින් එතුමා කියා සිටියේ සිසුන් 294 දෙනෙක් උණ රෝගයට ගොදුරු වූ බවද, සිසුන් හයදෙනෙක් බෝවන රෝගවලට ගොදුරු වූ බවද ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙදෙනකු අස්ථි බිඳීමට ලක් වූ බවද දිසානායක මහතා කීය. සිසුන් විසි දෙනෙකු උදරාබාධයන්ට ලක්වූ බවද තවත් 231 දෙනෙකු තවත් සුළු ආබාධයන්ට ගොදුරු වූ බවද දිසානායක මහතා සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් ප්‍රශ්න කර සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා

    දැන් ගරු කතානායකතුමනි බලන්න මේ ඔක්කොම ටික බලපුවාම මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ට මම හිතන් නැහැ ඇමතිතුමා ශිෂ්‍යන්ට පොඩ්ඩක් දුවන්න පනින්න කැමතිවූවා මිසක හමුදා පුහුණු දෙන්න කැමති කෙනෙක් නෙවෙයි.මම දන්නවා..ඉතින් මේ තරම් දේවල් සිදු වෙලා..අපි දන්නවා කතානායකතුමනි එක සිසුවියක් මියගියා.. මේ හමුදා පුහුණුව දෙන්න ගිහිල්ලා..

    ඉතින් මම අහන්න කැමතියි මේ තරම් විවිධ ආබාධ ප්‍රශ්න මැද..මේ ශිෂ්‍යයෝ සමහර අවස්ථාවල තමන්ගේ අම්ම තාත්තටවත් බලන්න යන්න දෙන්නේ නැහැ මොකක්හරි අමාරුවක් උනාම..ඉතින් ඒවගේ තත්වයක් තුල ඔබතුමා මේ පුහුණුව තවදුරටත් පවත්වාගෙන ගිහිල්ල තව ශිෂ්‍යයෝ කීප දෙනෙක් ඊළඟ වටයේදී මරණයට අත් වෙන්න ඉඩක් දෙනවද?
    එස් බි. දිසානායක මහතා
    ගරු කතානයතුමනි,කිසිකෙනෙක් එහෙම මිය ගියේ නැහැ.අපි හමුදා පුහුනුවක් දුන්නේ නැහැ..නායකත්ව පුහුණුවක් තමයි දුන්නේ..මේ අයට ව්‍යායාම කිරීම සඳහා විශේෂ වැඩසටහනක් දීල තිබුනා එක කරේ කතානායක තුමනි, විශ්ව විද්‍යාල දරුවන්ගෙන් අපි දැක්ක 93% පිට්ටනියටවත් ස්විමින් පුල් තියෙන තැන්වල ස්විමින් පුල් එකටවත් ජිම් එකටවත් අඩිය තියන්නේ නැහැ.

    එක නිසා මේ දරුවෝ හවස් කාලයේදී නීති විරෝධී මත්පැන් වලට යොමු වෙන්න ඉඩ තියෙනවා එහෙම යොමු වෙලා අපිට අහුවෙලා තියෙනවා..මේ ශිෂ්‍යයෝ විතරක් නෙවෙයි අපේ කතානායකතුමනි භික්ෂු ශිෂ්‍යන් පවා..

    දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා 
    ගරු අමතුතුමාගෙන් අහන්න කමටයි නීති විරෝධී මත්පැන් කියන්නේ "කසිප්පුද" ඒ අය බොන්නේ?

    එස් බි. දිසානායක මහතා 
    නෑ දැන් පේරාදෙණියේ සිකුරිට්ය් ගාඩ් කෙනෙක් අත්අඩංගුවට ගත්තා එයා දවසකට ගංජා පැකට් 30 ක් විකුනනවා..විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට..හෝමාගම බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ඉස්සරහ පුංචි පෙට්ටි කඩ මුදලාලි කෙනෙක් හම්බුනා එයා දවසකට ගංජා මිටි 40 ක් විකුනනවා.. ඒවගේ ප්‍රශ්න තියෙනවා..මේ දරුවෝ 93% පිට්ටනියට හා ශාරීරක ව්‍යායාම වලට නොයාම ප්‍රශ්නයක්..

    දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා 
    අද විශ්ව විද්‍යාල ආරක්ෂක සේවය, වෙනදා හිටපු ආරක්ෂක සේවය වෙනුවට අද තියෙන්නේ රක්නා ලංකා කියල ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයක් තමයි මේක කරන්නේ..

    ඇත්ත වශයෙන් විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ නිදහස සම්පුරණයෙන් අහෝසි කරන සහ ඔවුන් කරන ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් ඔත්තු බැලීම තමයි කරන්නේ..ඉතිහාසේ අපි ඔබල හිටියා වගේ යම්කිසි නිදහස් ක්‍රමයක් ඔවුන්ට වැටවල් දන්නේ නැතුව ඔවුන්ට නිදහසේ මනස පාවිච්ච්චි කරන්න ක්‍රමයක් හදල දෙන්න බැරිද?

    එස් බි. දිසානායක මහතා
    විශ්ව විද්‍යාල යම් අන්තවාදීන් ශිෂ්‍ය සංගම් විසින් විශ්ව විද්‍යාල වල නවකවදයට එරෙහි වීම නිසා කැන්ටින් එකට මුළු අවරුදු 4ම යන්න දෙන්නේ නැහැ...ලයිබ්රියට අවරුදු 4 ම යන්න දෙන්නේ නැහැ..පේරාදෙණියේ නම් වලේ නාට්‍යයක් බලන්න දෙන්නේ නැහැ.මල ගෙදරක යන්න දෙන්නේ නැහැ, බැච් ෆොටෝ එකට යන්න දෙන්න නැහැ...දරුවන්ගේ නිදහස සිමා කරලා තියෙන්නේ ඔය ශිෂ්‍ය සංගම් 





    Source: http://www.gossip9.com/2012/03/blog-post_24.html#ixzz1q21XrZT3 

    Share this article with your friends