Chitika Smowtion 468x60


Saturday, March 24, 2012

හිමිවරුන් දෙනමගේ ඝාතනයට ‘කඩු’ සම්බන්ධ නොකරන්නැයි බලපෑම්


කෝට්ටේ රජමහ විහාරයේ හිමිවරු දෙනම ඝාතනය පෞරාණික කඩුවක් සොරාගැනීමට යාමේදි සිදුවූවක් බවට පුවත්පත්වල පළවී ඇති වාර්තා සොයාබලා, එවැනි තොරතුරු මාධ්‍යවලට ලබාදුන් පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් වහාම අවශ්‍යපරිදි කටයුතු කරන ලෙසත්, එම පුවත් වාර්තා වහාම නිවැරදි කරන ලෙසත් ජනාධිපතිවරයා, කොළඹ දිසාවභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට නියෝග කර තිබේ.
දුටුගැමුණු රජුගේ කඩුව සෙවීමේ මෙහෙයුමක නිරතව සිටින රාජ්‍ය අනුග‍්‍රහය ලබන සංවිධානාත්මක පිරිසක් ජාතික කෞතුකාගාරය බිඳ කඩු රැගෙන ගිය පරිදිම, කෝට්ටේ රජමහ විහාරස්ථානයේ තිබෙන පෞරානික කඩු රැගෙන යෑමට පැමිණි දෙදෙනකු එහි හිමිවරුන් දෙදෙනා ඝාතනය කර ඇතැයි මේ වනවිට රටතුල විශාල ආන්දෝලනයක් මතුවී තිබේ.
තමා සහ තම මිතුරා කෝට්ටේ රජ මහවිහාරස්ථානයට ගියේ එහි තිබෙන පෞරාණික කඩුව සොරාගැනීමට බවත්, එහිදී ඇති වූ අනපේක්ෂිත සිද්ධිය හමුවේ හිමිවරු දෙනම ඝාතනය කිරිමට සිදුවූ බවත්, එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අයෙකු පොලීසියට කටඋත්තරයක් දී ඇති බව 22 වනදා ලක්බිම පුවත්පතෙහි පළවිය. එම ප‍්‍රවෘත්තිය අනෙකුත් සියලූම පුවත්පත්වලද අඩුවැඩි වශයෙන් ප‍්‍රමුඛත්වයක් ලබාදෙමින් පළකර තිබින,

ජනාධිපතිවරයා බලවත් සේ කලබලයට පත්වී තිබුනේ කෞතුකාරයේ හොරකමට මෙන්ම කෝට්ටේ හිමිවරු ඝාතනයටද දුටුගැමුණු රජුගේ කඩුව සොයන පිරිසක් සම්බන්ධ බවට ව්‍යාංගයෙන් හැගවෙන පරිදි එසේ පළවි තිබූ ප‍්‍රවෘත්ති වාර්තා දැකීමෙනි.

ඒ අනුව ජනාධිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද මාධ්‍ය කිහිපයකට ප‍්‍රකාශ කොට ඇත්තේ මෙම හිමිවරුන්ගේ ඝාතනය සිදුකොට ඇත්තේ රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීම සඳහා බවත්, එහෙත් සැකකරුවන්ට එම මුදල පවා ලබාගැනීමට පවා නොහැකි වී ඇති බවත්ය.

කෝට්ටේ හිමිවරුන් දෙනමගේ ඝාතනය පෞරාණික කඩුවක් සොරාගැනිමට කළ මෙහෙයුමක ප‍්‍රතිඵලයක් බව හැඟවෙන පරිදි ‘රිවිර’ පුවත්පතේ පළවී තිබූ වාර්තාවෙන් කෝපයට පත් ජනාධිපතිවරයා එම ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ගයිරුක පේරුසිංහ මහතාටද බැනවැදී තවදුරටත් මෙවැනි ප‍්‍රවෘත්ති පළ නොකරන්නැයි අවවාද කර තිබේ. එලෙසම මෙවැනි ප‍්‍රවෘත්ති පළකර තිබූ පුවත්පත් කිහිපයකම ප‍්‍රධානීන්නට කතාකොට ඇති ජනාධිපතිවරයා ‘කඩු සිද්ධිය’ තවදුරටත් ඉදිරියට ගෙන නොයන්නැයි ඉල්ලා තිබේ.



Source - lankanewsweb.com

Share this article with your friends