
වසර 22කට පෙර එනම් 1990 ජුනි 11 වන දින නිරායුධ පොලිස් නිලධාරීන් 600කට වැඩි පිරිසක් එක මොහොතකදී වෙඩි තබා මරා දැමීම ත්‍රස්තවාදීන්ගේ ම්ලේඡ භාවය මනාව ඔප්පු කර ඇත. ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ත්‍රස්තවාදී බීජ වැපුරූ ත්‍රස්ත නායකකාරකාදීන් අදටත් ජනතාවගේ මුදලින් සුර සැප විදී.
වසර 22කට පෙර මරා දැමූ නිරායුධ පොලිස් නිලධාරීන්ගේ දෙමාපියන්, බිරින්දැවරුන්, දරුවන් අද වන විටත් හැ~ූ කඳුළෙන් පසු වේ. යුද්ධයක දී යටත් වූ හෝ බාර වූ කිසිවකු මරා දැමීම නොකළ යුතු බවට ජාත්‍යන්තර යුද නීතියේ ද සඳහන් වේ. එය එසේ වුවත් ශ්‍රී ලංකාවේ මෙම සිද්ධිය පිළිබඳව සියලූ වගකීව යුත්තෝ අදටත් මුණිවතරකී. වසර 22කට කාලයක් තුළ විවිධ ආණ්ඩු බලයට පැමිණියත් නිරායුධ පොලිස් නිලධාරීන් මරා දැමීම පිළිබඳව කිසිවෙකු කිසිදු පරීක්ෂණයක් සිදු කළේ නැත. ලෝක සම්මතය හා ලෝක නීතිය නම් පුද්ගලයෙකු මිය ගිය විට ඒ සම්බන්ධ මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව හෙළිකර ගැනීම සහ ඥාතින්ට ඒ පිළිබඳව දැනුම් දීමය. එහෙත් අද වන තෙක්ම එදා මරා දැමූ පොලිස් නිලධාරින්ගේ කිසිදු මරණ පරීක්ෂණයක් හෝ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර නැති බව මා ඉතා වගකීමෙන් සඳහන් කරමි.
1990 ජුනි 11 වන දින මල හිරු බැස යමින් තිබූ සන්ධ්‍යාවේ නැගෙනහිර පළාතම දෙවනත් කරමින් ඒ අමානුෂික මිලේඡ ඝාතනය සිදු කළ ප්‍රධාන කොටි සන්නද්ධ නායකයා අද සුදුවතින් සැරසුණු ප්‍රභූවරයෙකි. LTTE සන්නද්ධ නායකයාව සිටිමින් වසර ගණනාවක පටන් සිංහල ජනතාවගේ රුධිරය උරා බී වූ ඔහුට අද අපේ හාමුදුරුවරු සෙත්පිරිත් ගයමින් පිරිත් පැන් පොවන්නේ කුමන අරමුණකින් දැයි නොදනිමි. මෙම ම්ලේඡ ඝාතනයෙන් පසු දිවි ගලවාගත් සහ එදා යටත් නොවූ පොලිස් නිලධාරින් ද අද වන විටත් දිවි ගෙවන්නේ මරණ භයෙනි. පොලිස් නිලධාරින් රැගෙන ගොස් මරා දැමීමට නියෝග කළ සහ එය මෙහෙය වූ LTTE සන්නද්ධ නායක කරුණා අද රාජපක්ෂ පාලනයේ ප්‍රධාන පුරුකකි.

රටක නීතිය ඉටු කරන නිලධාරීන්ට තම මරණයේ දී වත් නීතිය ඉෂ්ඨ නොවීම ශ්‍රී ලංකාවේ අරාජිකත්වය මනාව පෙන්නුම් කර කරුණකි. රාජපක්ෂ පාලනයේ දැන් ශක්තිමත් කරන්නට එක්ව සිටින මිනී මරුවන්ට විරුද්ධව කිසිවෙකුත් හඬ නගන්නේ නැත. LTTE සන්නද්ධ නායකයාව සිටිමින් මුළු නැගෙනහිර පළාතම ලේ ගංගාවක් කළ කරුණා සොයා එදා ලාහුගල, තිරුක්කෝවිල්, පානම ප්‍රදේශ පීරා මෙහෙයුම් සිදු කළත් මිනීමරු කරණා අත්අඩංගුවට ගැනීමට හෝ මරා දැමීමට නොහැකි විය.
මහකළුගොල්ල පොලිස් ස්ථානය අසලින් කරුණා ප්‍රධාන සන්නද්ධ LTTE පිරිස සොයා ගිය පිරිසේ ප්‍රධාන අණ දෙන්නා වූ ඔහු මිනිමරු කරුණාව අත් අඩංගුවට ගැනීමට නොහැකි වූවා පමණක් නොව විශේෂ කාර්යය බලකායේ ඉතා දක්ෂ නිලධාරීන් කීප දෙනෙකුගේම ජීවිත ද අහිමි විය. පොලිස් නිලධාරීන් 600 දෙනා මරාදැමූ තිරුක්කෝවිල් ඝණ වනාන්තරය කරුණාගේ එදා රජදහනක් විය.
දෛවයේ සරදම නම් එදා අත් අඩංගුවට ගැනීමට තමා සෙවූ මිනීමරු ත්‍රස්තවාදී නායකයාට පොලිස්පතිවරයා වශයෙන් අද ආචාර කිරීමට සිදුව ඇත. පොලිස් නිලධාරින්ගේ අමානුෂික ඝාතනයෙන් පසු විශේෂ කාර්යය බලකායේ නිලධාරින් නැගෙනහිර පළාත තම අණසකට ගත්තේත් තම නිලධාරීන් ද විශාල පිරිසක් මිය ගොස් සහ තුවාල වීමෙන් පසු යි. කරුණා අත්අඩංගුවට එදා ගැනීමට නිලධාරීන් මෙහෙය වූ විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරියාට අද ඔහු නිත්‍යානුකූලව අත් අඩංගුවට ගත නොහැක්කේ මන්ද? කරුණාගේ සමස්ථ සන්නද්ධ කාලයම ඉතා හොඳින් දන්නා පුද්ගලයා වර්තමාන පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාය. නැගෙනහිර පළාතේ සිදු වූ සමස්ථ LTTE ප්‍රචණ්ඩ ක්‍රියා වෙනුවෙන් ද බාර වූ පොලිස් නිලධාරීන් 600කට වැඩි පිරිසක් මරා දැමීම පිළිබඳවත් චෝදනා කියා දී කරුණා අත්අඩංගුවට ගත හැකිය. පොලිස්පති ධුරයට පැමිණෙන විට බොහෝ වහසි බස් දෙඩ වූ පොලිස්පති ඉලංගකෝන් මහතා අද රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ඉදිරියේ හීලෑ වී ඇත. එදා වනයේ මදුරුවෝ තලමින් දුක් විදිමින් සෙවූ කරුණා අද ඔහු ඉදිරියේ සිටියදීත් මෘගයා ඔහු නොවේ යැයි සිතා කටයුතු කරන පොලිස්පතිවරයකු සිටීම ද කරුණාගේ වාසනාවකි.
1990 සිට අද වන විට වසර 22ක් තිස්සේ පොලිස්පතිවරු සිටියත් ඒ කිසිදු අයෙක් තම නිලධාරින්ගේ ඝාතනයන් පිළිබඳව කිසිදු සොයා බැලීමක් සිදු කළේ නැත. අඩුම තරමින් එසේ මිය ගිය නිලධාරීන්ගේ පවුල් බල සුභ සාධනය පිළිබඳව වත් අබමල් රේණුවක තරම් දෙයක් ඉටු කර නැත. ඒත් ඒ මිය ගිය නිලධාරීන් සිහි කරමින් සාම්ප්‍රදායික බියුගල් හඬ මැද විනාඩි 2ක නිහඬතාවය නම් පවත්වයි. ඒ වෙනුවෙන් ද මනස්කාන්ත සැරසිලි කොට නිලධාරීන්ගේ මුදල් ම කාබාසිනියා කරයි.
නිරායුධ පොලිස් නිලධාරීන් 600කට වැඩි පිරිසක් මරා දැමූ එවකට LTTE සන්නද්ධ නායකව සිටි වර්තමාන රාජපක්ෂ පාලනයේ කැබිනට් අමාත්‍ය විනයගමුර්ති මුරලිදරන් වාහම අත් අඩංගුවට ගත යුතුය. මානව හිමිකම් වෙනුවෙන් හඬ නඟන සියලූ දෙනාගේ ඇස් ඇරිය යුතුය. ශ්‍රී ලංකා ඉතිහාසයේ එක වරම මෙපමණ නිරායුධ පිරිසක් මරා දැමූ ප්‍රථම අවස්ථාව එයයි.
පොලිසියට ආදරේයැයි පම්පෝරි ගසා පොලිස්පති පුටුවට පැමිණි වර්තමාන පොලිස්පති ඉලංගකෝන් මහතාට මා කරන අභියෝග ඔබ පොලිසියට ඇත්තටම ආදරේ කරන්නෙකු නම් මරා දැමූ අහිංසක පොලිස් නිලධාරින් පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කරන්න. ඒ සඳහා ඔබට අවශ්‍ය ලිඛිත සහ ඇසූ දුටු සාක්ෂි ඉදිරිපත් කළ හැකිය. පොලිස් නිලධාරීන් වෙනුවෙන්වත් යුක්තිය ඊට නොකරන ඔබ ජනතාවට කෙසේ නම් යුක්තිය ඉටු කරයිද?
- හිටපු පොලිස් පරීක්ෂක අජිත් ධර්මපාල බි්‍රතාන්‍යයේ සිට ලියයි
Source - lankanewsweb.com