මෙවැනි සූදානමක් පවතින බව ජන සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්ද පිළිගෙන ඇත. දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා විසින් මෙවැනි සූදානමක් පවතින බව පිළිගෙන ඇත්තේ, 2012 ජුනි 13 වන දින සවස අමාත්‍යංශ කාර්යාලයේදී නිලධාරී මණ්ඩලය හා ජල සම්පාදන හා ජලපවාහන සේවක සංගමය අතර පැවැති සාකච්ඡාවේදීය.
එසේම වෙනත් ප‍්‍රදේශවලින්ද එවැනිම යෝජනා ලැබෙමින් පවතින බවත් ඇමතිවරයා සඳහන් කර තිබේ. මන්නාරම, වව්නියාව වැනි උතුරු නැගෙනහිර ඇතුළු සෑම දිස්ති‍්‍රක්කයකම නලජල ඉල්ලූම සීඝ‍්‍රයෙන් වැඞී ඇති බවත්, එම අවශ්‍යතාවය රජයට තනිවම සැපයිය නොහැකි බවත් දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
පෞද්ගලික සමාගම් දැනමටත් ජල ඒකකයක් (ජල ලීටර් 1,000 ක් සඳහා) රුපියල් 160 කට රජයට විකිණීමට මිල ගණන් ද ඉදිරිපත් කර ඇති බවත් ඇමතිවරයා මෙහිදී අනාවරණය කර තිබේ.
මේ පිළිබඳව ජල සම්පාදන හා ජලාපවාහන සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ, දැනට රජයේ ඒකකයක් සඳහා පාරිභෝගික හා වාණිජ යන දෙඅංශයෙන්ම අය කරන්නේ රුපියල් 70 ක් බවයි. එසේ අඩු මිලක් යටතේ වුවත් මණ්ඩලය දෛනික කටයුතුවලදී ලාභ ලබන බවත් ඔහු පැවසීය. එසේම, ජල අයිතිය පෞද්ගලික සමාගම්වලට විකුණා දැමීමට ඉඩ නොතබන බවත් ඔහු අවධාරණය කර සිටියේය.
- ලංකා
Source - lankanewsweb.com