Chitika Smowtion 468x60


Saturday, June 16, 2012

පොහොර සහනාධාරය අහෝසියි ?


ගොවි ජනතාවට ලබාදෙන පොහොර සහනාධාරය අහෝසි කිරීමට රජය මේ වනවිට පිඹුරුපත් සකසමින් සිටින බව වාර්තා වේ. සහනාධාරය යටතේ බෙදා හැරීමට පොහොර ආනයනය කරන පෞද්ගලික සමාගම් 04 කට මේ වනවිට රුපියල් කෝටි 1,300 ක් පමණ මුදලක් ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් ගෙවීමට තිබේ. එය ගෙවීමට අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරය විසින් ජාතික පොහොර ලේකම් කාර්යාලයට ලබාදී නොමැත. මෙම තත්ත්වය තුළ අදාළ සමාගම් පොහොර ආනයනය නවතා දැමීමට සාකච්ඡා කරමින් සිටී.
මෙයට විසඳුමක් වශයෙන් අදාළ සමාගම්වලට ගෙවිය යුතු මුදල් රාජ්‍ය බැංකුවලින් ලබාදීමට ඇති හැකියාව මුදල් අමාත්‍යංශය විසින් සොයා බලමින් සිටී. රජයේ කෙටි කාලීන ණයක් වශයෙන් මෙම මුදල් රාජ්‍ය බැංකුවලින් ලබාගෙන අදාළ සමාගම්වලට ලබාදීමට යෝජනා වී ඇත. එහෙත් රාජ්‍ය බැංකු මෙම යෝජනාවට මෙතෙක් එකඟත්වය පළ කර නොමැත.
මහා භාණ්ඩාගාරයෙන් පොහොර ලේකම් කාර්යාලයට ලබාදීමට අපොහොසත් වී තිබෙන මුදල් බැංකුවටද ලබා ගැනීමට දැඩි සේ දුෂ්කරවීම මෙයට හේතුවයි. අදාළ සමාගම්වලට ගෙවිය යුතු මුදල් ලබා නොදෙන්නේ නම්, එම සමාගම් විසින් පොහොර ආනයනය නවතා දමන බවට මේ වනවිටත් රජයට දැනුම් දී තිබේ.
සී.අයි.සී, ඇග්රි බිස්නස් ප‍්‍රයිවට් ලිමිටඞ්, ඒ බවර් සහ සමාගම, ඇග්ස්ටාර් ෆර්ටිලයිසර් සමාගම සහ හේලීස් ඇග්රෝ ෆර්ටිලයිසර් යන සමාගම්වලට පොහොර ආනයනය වෙනුවෙන් රජය මුදල් ගෙවිය යුතුව තිබේ.


Source - lankanewsweb.com

Share this article with your friends