Chitika Smowtion 468x60


Saturday, June 16, 2012

උදිත් නාරායන් පැමිණෙයි (ඡායාරූප)

සිරස රූපවාහිනී නාලිකාවට වසර 14ක් සපිරීම නිමිති කරගනිමින් භාරතයේ සුප‍්‍රසිද්ධ ගායක උදිත් නාරයන් ගේ සහභාගීත්වයෙන් හෙට දිනයේ පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගය සඳහා උදිත් නාරායන් අද උදෑසන කොළබ බණ්ඩාරනායක ගුවන්තොටුපලින් පැමිණ තිබෙනවා.

හෙට සවස 7ට කොළඹ සී.එච් ඇන්ඞ් එෆ්.සී ක‍්‍රීඩාංගනයේදී පැවැත්වෙන සංගීත ප්‍රසංගය සඳහා යුග ගායනයෙන් මීට දීපා එක්වන අතර වාද්‍ය වෘන්දය ඇතුළු නර්තන ශිල්පීන්ද ඉන්දියාවෙන් පැමිණි බවයි වාර්තා වෙන්නේ.

දශක තුනක් පුරාවට ඉන්දීය චිත‍්‍රපට වල ආදරණය සංගීතමය හඬ බවට පත් වූ උදිත් නායරායන් චිත‍්‍රපට රැසකට පසුබිම් ගායනයෙන් දායකවී තිබෙනවා. දිල්වාලේ දුල්හානියා ලේජායින්ගේ, දිල්තෝ පාගල්හේ, මොහාබතින්, ජබ් ප්යාර් කිසිසේ හෝතාහේ, වීර්සාරා, ලගාන්, මුජුසේ දෝස්ති කරොන්ගේ ඒ අතරින් කිහිපයක්.

ඔහු පැමිණි අවස්ථාවේ ගත් ජායාරූප කීපයක් පහලින්.



Photographed by: Ach Akalanka & Jayasanka B. Heath








Source: http://www.gossip9.com/2012/06/blog-post_15.html#ixzz1xtBEY3Ko

Share this article with your friends