Chitika Smowtion 468x60


Saturday, June 16, 2012

පූජ්‍ය පක්ෂයට පාර්ලිමේන්තුව කැපද?


පාර්ලිමේන්තුවට යෑමට නුසුදුසු පුද්ගලයන් ලයිස්තුවට භික්‍ෂුන් වහන්සේලා හා සියලූම ආගමික පුජකයන් එක් කිරීම සඳහා පනතක් එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙනඒමට සූදානම්වීම නිසා මේවනවිට රට තුළ ඇතිවී තිබෙන්නේ ඒ පිළිබඳව මත ගැටුමක්.

මංත්‍රීවරයා එම යෝජනාව ගෙනෑඅමට සූදානම් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවක් මිස නොව එම මංත්‍රීවරයාගේ පෞද්ගලික යෝජනාවක් ලෙස බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

ආගමික පූජකවරයෙක් ප‍්‍රථම වතාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළේ 2001 දීය. ඒ බද්දේගම සමිත හිමියෝය. ඉන්පසු 2004 වසරේදී ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තුවට පැමිණීමේදී පාර්ලිමේන්තුව තුලදී අක්මීමන දයාරතන හිමිගේ රහස් අවයව මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් මිරිකා ඒවාට වලට තුවාල සිදු කිරීම නිසා ඒ හිමියන්ට රෝහල් ගතවීමටද සිදුවිය.

ඉන්පසුව ජාතික හෙළ උරුමයේ මන්ති‍්‍ර භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළහ.

ගෙන ඒමට නියමිත යෝජනාව පිළිබඳව විජේදාස මංත්‍රීවරයා පවසන්නේ මෙවැන්නක්.

"බුදු රජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට නියම කර ඇති විනය නීතිවලට අනුව පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකියි. භික්ෂුන් වහන්සේගේ ගරුත්වය රඳවා ගැනීමට උන්වහන්සේලා කි‍්‍රයාකාරි දේශපාලනයේ යෙදීම සුදුසු නැහැ. භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම මගින් බරපතළ ලෙස සැහැල්ලූවට ලක්වීමට සිදුවී තිබෙනවා. එසේම විශාල පිරිහීමකටද ලක්වී තිබෙනවා.

මේ භික්ෂුන් වහන්සේ හැසිරෙන්නේ සතර අගතියට අනුවයි. තණ්හාව, ද්වේෂය, භය හා මෝහය මේ සතර අගතියට යෙදීමක් සිදුවී තිබෙනවා. බුද්ධ පුත‍්‍රයන් වහන්සේ පූජක මට්ටමින් සිටිය යුතුයි. ගිහියාට උඩින් සිටිය යුතු භික්ෂුන් වහන්සේ රණ්ඩු කරන අසභ්‍ය වචන ප‍්‍රකාශ කෙරෙන ස්ථානයක් නියෝජනය කළ යුතු නැහැ. අන්තවාදී කි‍්‍රයා කලාපයකට යා යුතු නැහැ.

පාර්ලිමේන්තුව රටට අවශ්‍ය පරිදි කාලීනව අවශ්‍යතා මත කටයුතු කළ යුතු ස්ථානයකි. ඒ කාලීන අවශ්‍යතාවක් ලෙසින් පූජකවරු පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු වෙනවා. ඒ අභියෝගය මා භාර ගත්තා. වෙනත් ආගමික පූජකවරු කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. අපේ භික්ෂු ශාසනය ආරක්ෂා කිරීම කාලීන අවශ්‍යතාවයක්. ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඉදිරිපත් කරනවා.
"

මේ පිළිබඳව ජාතික හෙළ උරුමය පවසන්නේ මෙවැන්නක්

"විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන මෙම පනත භික්ෂුන් වහන්සේගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමක්. ඒ වගේම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී එකක්. මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්. මේ රටේ සමාජ කොටස්වලින් භික්ෂුන් වහන්සේ වෙන් කළ නොහැකියි.

භික්ෂුන් වහන්සේට ඡන්දය පාවිච්චි කළ හැකි නම් ඒ ඡන්දය පාවිච්චි කිරීම නිසා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට මන්තී‍්‍රවරයකු තේරී පත්වන්නේ නම්, උන්වහන්සේටත් පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකිවිය යුතුයි. භික්ෂුන් වහන්සේ දේශපාලනයට ඉදිරිපත්වීම ගැන වර්ෂ 2004 දී විශාල සංවාදයක් කතිකාවතක් ඇති වුණා. ඒත් දැන් එහෙම නැහැ. විජයදාස රාජපක්ෂ මහතා මෙවැනි යෝජනාවක් දැන් ඉදිරිපත් කරන්නේ කාගේ වුවමනාවකටද යන ප‍්‍රශ්නය ඇති වෙනවා.

ස්තී‍්‍ර දුෂකයන්, කුඩුකාරයන්, අපරාධකරුවන්, සමාජ විරෝධී කටයුතු කරන ඇතැම් පුද්ගලයන් පාර්ලිමේන්තුව නියෝජනය කරනවාට වඩා භික්ෂුන් වහන්සේ නමක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා නම් රටට ඵලදායක බවක් ලැබෙනවා. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමක් සිදු වෙනවා
"

අතුරුලියේ රතන හිමියන් මීට පෙර පැවසුවේ මහනාහිමිවරු ඉල්ලාසිටින්නේ නම් තමා මංත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.

පසුගියදා අස්ගිරි මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියෝ මේ පිළිබඳව මතය ඉදිරිපත්කලේ මෙලෙසින්

"අප නිතරම හිතන්න ඕනේ භික්ෂුවක් හැටියට අපෙන් නිතරම ඉටුවිය යුත්තේ අපි මහජනතාවගෙන් යැපෙනවා නම් මහනතාවට අපි සේවයක් කළ යුතුයි. ඒ සේවය කරන්නේ නම් අපි ධර්ම ශාලාව තුල ඒ සේවය කළ යුතුයි. රටට සේවයක් කිරීමට නම් අපිට ඔය පාර්ලිමේන්තු ආදී මන්ත්‍රීකම් අවශ්‍ය නැහැ. අපට රාජ්‍ය පාලනය අවශ්‍ය නැහැ.

අපි ජනතාව පාලනය කරන්න ඕනේ. ඒක කරන්න අපි පාර්ලිමේන්තු යන්න ඕනෙ නැහැ. ඒක පන්සලේ හිඳගෙන කරන්න පුළුවන්. මේකට හෙට වෙනකොට බොහෝ දෙනෙක් මට දොස් එවයි. අපේ හැදෙන වැඩෙන භික්ෂූන් වහන්සේලාට මං කියන්නේ ඔය පාර්ලිමේන්තුවලට ඔය ප්‍රාදේශීය සභා වලට ඕවට මේවට ගිහිල්ල නින්දා අපහාස අහන්න ඕනෙ නෑ.
"

මර්වින් සිල්වා අමාත්‍යයවරයා විසින් අක්මීමන දයාරතන හිමිගේ රහස් අවයව මිරිකා එම හිමියන් රෝහල්ගත කිරීමට හේතුවූ පාර්ලිමේන්තු ගැටුම පහලින්




අස්ගිරි මහනායක නාහිමියන්ගේ, දයාසිරි ජයසේකර මංත්‍රීවරයගේ හා පාඨලී චම්පික අමාත්‍යවරයාගේ අදහස් පහතින්.
















Source: http://www.gossip9.com/2012/06/blog-post_3505.html#ixzz1xtPIFANn

Share this article with your friends