Chitika Smowtion 468x60


Saturday, June 16, 2012

හඩ්සන්ට ඇතුලෙන්ම කැපිල්ලක්


ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාට එරෙහිව ආණ්ඩු පක්‍ෂය තුළින්ම දැඩි විරෝධයක් ගොඩ නැගෙමින් තිබෙන බව අනාවරණය වේ. ඔහු ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ප‍්‍රචාරය කරන ‘රට යන අත’ වැඩ සටහන මගින් වෛරය වපුරන බවට චෝදනා එල්ල වී තිබේ.


මෙසේ විරෝධය පළ කරන පිරිස් අතර ජනාධිපතිවරයාට අතිශයින් සමීප භික්‍ෂූන් වහන්සේ නමක් සහ අන්‍යාගමික පූජකවරුන් කිහිපදෙනෙකුද සිටිති.
පසුගිය දිනෙක ලලිත් කොතලාවල මහතාගේ බිරිද වන සිසිලියා කොතලාවල මහත්මිය සම්බන්ධයෙන් හඩ්සන් සමරසිංහ මහතා විසින් කළ ප‍්‍රකාශයක් පදනම් කරගෙන මෙම විරෝධය එළිපිටට පැමිණ තිබේ. එම වැඩ සටහනේදී හඩ්සන් මහතා ප‍්‍රකාශ කොට ඇත්තේ, සිසිලියා කොතලාවල මහත්මිය ‘කෑලි කෑලිවලට කැපිය යුතු’ බවය.
පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවල විනය හැදීමට කතා කරන ගුවන් විදුලි සංස්ථාව, එහි ප‍්‍රචාරය කරන වැඩසටහන් ‘කුණු කාණු කටවල්’ තත්ත්වයටත් එහා යමින් වෛරය වපුරමින් සිටී.



Source - lankanewsweb.com

Share this article with your friends