Chitika Smowtion 468x60


Saturday, June 16, 2012

අසරණ වන ගෘහසේවිකාවන් සවුදි තානාපති කාර්යාලයේ කෙළිබඩුද?

ගෘහසේවිකාවන් ලෙස සවුදි අරාබියට යන කාන්තාවන්ට එරටදී බොහෝ අතවර වලට මුහුණපෑමට සිදුවනවා.

කරදර වලට මුහුණපා පිහිට පතා ලංකාවේ තානාපතිකාර්යාලයට එන පැමිණි බොහෝ කාන්තාවන් එහිදී පත්වන්නේ කබලෙන් ලිපට වැටීම වැනිවූ ක්‍රියාවලටයි.

එහිදී ශ්‍රී ලංකා සවුදි අරාබියානු තානාපති කාර්යාලයේ සේවකයන්සේ ලිංගික සූරාකෑම් වලට බොහෝ කාන්තාවන් පත්වන අතර නිවෙස් වලින් පහර කා තුවාල සහිත කැලැල් ඇඳිවත උස්සා පෙන්වීමට ගෘහසේවිකාවන්ට සිදුවන්නේද එම කාර්යාලයේ සිටින පිරිමි සේවකයන්ට බවයි පසුගිය කාලයේ මෙරටට පැමිණි ගෘහසේවිකාවන් පිරිසක් පැවසුවේ.

මෙලෙස සේවය කළ පසුගියදා නිවසින් පැන ආ කාන්තාවක් සවුදි අරාබියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයකු විසින් දූෂණය කර තිබෙනවා. ඒ පිළිබඳව ඇයගේ ඥාති  සහෝදරියක් විසින් අදාල තානාපති කාර්යාලයේ බලදාරීන්ට පැමිණිළි කළද එම පැමිණිල්ල යටපත් කිරීමට සවුදි තානාපතිකාර්යාලයේ 
නිළධාරීන් වෙරදරමින් සිටින්නේ එවන් පැමිණිලි ඔවුන්ට එතරම්ම සුපුරුදූ නිසාදැයි යන්න ගැටළුවකි.


W. M අයිරාංගනී නම් එම අතවරයට පත් කාන්තාව සවුදි අරාබියේ රැකියාව සඳහා ගොස් තිබෙන්නේ පසුගිය නොවැම්බර් 20 වෙනිදාය. සේවය කල එම නිවසින් බොහෝ කරදර නිසා රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිට පතා ඇය එම නිවසින් පැන ගොස් තිබෙන්නේ පසුගිය ජූනි 7 වන බ්‍රහස්පතින්දාය.

සවස 6 ට පමණ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි ඇය එහි සිටි සේවකයෙකු විසින් කාර්යාලයේ කාමරයක් තුලට දමා දොර වසා ඇති අතර පසුව තානාපති තුමාගේ පියන් ලෙස සේවය කරන "නසාර්" නැමැත්තා තුවායක් පමණක් ඇඳගන කාමරයට පැමිණ ඇයව දූෂණය කර තිබෙනවා.

අනතුරුව "බය වෙන්න එපා මම ඔයාව ලංකාවට යවනවා" යැයි පැවසූ ඔහු තමාගේ දුරකථනයෙන් ඇයට ඇමතුමක් ගැනීමටද අවස්ථාව ලබාදී තිබෙනවා.

සවුදි අරාබියේ කරදරයට පත්ව තානාපති කාර්යාලයේ පිහිට පතා එන අසරණ කාන්තාවන් ගණිකා සේවයට යොදවන, අතවරයට පත් කරන සවුදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයන් අතර එම කාර්යාලයේ පියන් ලෙස සේවය කරන මෙම "නසාර්" නැමැත්තා ද සිටින බවත් අසරණ කාන්තාවන් මීට පෙරද ඔහු විසින් දූෂණය පත් කර ඇති බවත් වාර්තා වෙනවා.

අතවරයට පත් එම W.M අයිරාංගනී කාන්තාව තවමත් සිටින්නේ එම කාර්යාලයේය.

මේ පිළිබඳව ලිඛිත සාක්ෂිද අප සතුව තිබෙන අතර සිද්ධිය පිළිබඳව සොයා බලා ඉදිරියේදී ඒවා හෙළිදරව් කිරීමට 
අප වෙබ් අඩවිය බලාපොරොත්තු වෙනවා.













Source: http://www.gossip9.com/2012/06/blog-post_2907.html#ixzz1xx3xmN2P

Share this article with your friends