Wednesday, July 18, 2012
දූෂණ සිද්ධියේ පරීක්ෂණ කළ අපක්ෂපාතී නිලධාරීන්ට මාරුවීම්
නාවලපිටිය නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතකු ඇතුළු දෙදෙනෙක් විසින් පැහැර ගෙන ගොස් දින දෙකක් සිරකර තබා ගෙන 15 හැවිරිදි දැරිය දූෂණය කිරීම හා ඒ පිළිඹද විභාගයට ගිය පොලිස් සාජන්වරයකු ඇතුළු ත්‍රීරෝද රථ රියදුරෙකුද මෙම දැරිය වෙනත් ලැගුම්හලකට ගෙන ගොස් දූෂණය කිරීම යන සිද්ධීන් පිළිඹද පරීක්ෂණ පැවැත් වූ පොලිස් කණ්ඩායමේ සිටි උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හදිසියෙම වෙනත් පොලිස් ස්ථානවලට මාරුකර යවා ඇත. මෙම පොලිස් කණ්ඩායම සදහා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනකුගෙන් සමන්විත නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය හා උප පොලිස් පරීක්ෂකවරයාද ඇතුළත්ව සිටියහ.
මොවුන් මේ පිළිඹද අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වා මෙම අපචාරයට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු ඇතුළු සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද කටයුතු යොදා තිබුණි. සල්ලිකාරයන් හා බලවතුන් මේ ලෙස කුඩා දැරියන් බිල්ලට ගැනීම පිළිඹදව දැඩි ජනතා විරෝධයක් නාවලපිටිය ප්‍රදේශය තුළ මතු වෙමින් තිබියදී ඒ පිළිඹද පරීක්ෂණ පැවැත් වූ පොලිස් කණ්ඩායම සාධාරණ ලෙස එය සිදු කිරීමත් සමග ජනතා විරෝධයද මැඩ පැවැත්වී ඔවුන්ට ප්‍රශංසා මුඛයෙන් කතා කරන අයුරු ද දකින්නට ලැබිණ.
එස්.ඩී.රාජනායක - ගම්පොළ
දූෂණ සිද්ධියේ පරීක්ෂණ කළ අපක්ෂපාතී නිලධාරීන්ට මාරුවීම්
2012-07-18T16:47:00+05:30
Admiral
අපරාධ|දේශපාලන|සමාජ|