Chitika Smowtion 468x60


Wednesday, July 18, 2012

ඊ.පී.එෆ් සල්ලිත් ආණ්ඩුවට !

විගණකාධිපති වරයා විසින් මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව සේවක අර්ථසාධක අරමුදල සතු මහජනතාවගේ මුදල් රජය විසින් භුක්ති විදින බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

එම වාර්තාවට අනුව සාමාජිකයන්ගේ ගිණුම් වලට රජය විසින් රුපියල් මිලියන ගණනක් තැන්පත් කළ යුතු වුවද එසේ කිරීමට රජය අපොහොසත් වී තිබීම සහ තවත් සේවක අර්ථසාධක අරමුදලේ ඌනතා සහ කළමනාකරණ ගැටලු කිහිපයක් පෙන්වා දී තිබේ.

2005 - 2008 කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ දායක මුදල් සහ අධි අය ලෙස උසාවි වලින් ලබාගෙන ඇති රුපියල් මිලියන 62 කට අධික මුදලක් 2010 වර්ෂයේ දී සාමාජිකයන්ගේ පුද්ගලික ගිණුම් වලට බැර නොකොට රජයේ ආදායමට බැර කොට ඇති බව එහිදී අනාවරණය වේ.



මෙයට හේතු ලෙස දක්වා තිබෙන්නේ දාල සාමාජිකයන්ගේ තොරතුරු නොමැති බවයි. එසේම දැනට අක්‍රීයව ඇති ආයතන වල සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රථිලාභීන්ගේ අයදුම්පත් අදාළ ගෙවීම් කිරීම සඳහා මහ බැංකුව සහ කම්කරු දෙපාර්තමේන්තුවෙන් සමන්විත කමිටුවක් වෙත යොමු කර ඇති වුවත් කාලයක් තිස්සේ එය ප්‍රමාද වෙමින් පවතින බවයි සඳහන්වන්නේ.

මෙම කමිටුවේ අකාර්යක්ෂමතාවය නිසා සාමාජිකයින් 430 කට අධික ප්‍රමාණයකට ගෙවිය යුතුව ඇති ර්‍උ. මිලියන 49 ක මුදලක් වසර දෙකක් තිස්සේම ප්‍රමාද වෙමින් පවතින බවත් අනාවරණය වනවා.

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදල සඳහා පවතින ලෙජරය නිසි පරිදි නඩත්තු නොවන බවත් එහි ඇතුලත් කිරීම් හඳුනාගැනීමට උපකාරී වන ලෙජරය විස්තරාත්මකව ඉදිරිපත් නොමැති බවත් විගණකාධි පතිවරයා පවසයි. විගණනය සඳහා ඉදිරිපත් කර ඇති සේවක අර්ථසාධක අරමුදලේ අරමුදල් සමාලෝඅචන ගිණුමේ දී අධිකරණ නියෝග මත දිස්ත්‍රික් කාර්යාල මඟින් සිදු කෙරුනු ලැබීම් හා ගෙවීම් ඇතුලත් කර නොමැති බවත් මෙම ප්‍රමාණය පිළිවෙලින් රු. මිලියන 219 ක් හා 178 ක් බවත් පැවසෙයි.

සේවක අර්ථසාධක අරමුදල මඟින් 2008 දී ආකෘති පත්‍ර මුද්‍රනය කිරීම සඳහා රු. මිලියන 21 ක් වැය කරමින් ඕෆ්සෙට් මුද්‍රණ යන්ත්‍රයක් මිළදී ගෙන ඇතත් 2010 වර්ෂයේ දී මුද්‍රණ ගාස්තු ලෙස රජයේ මුද්‍රණාලයට රු.මිලියන 4 කට වැඩි ගනනක් ගෙවා ඇති බවත් පෙන්වා දෙයි.

සාමාජිකයින් නැවත ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ හැඳුණුම්පත් නිකුත් කිරීම සඳහා සේවක අර්ථසාධක අරමුදලේ කාර්යාලය විසින් මෙමරිපත් 15,000 ක් මිළදී ගැනීමට රු.මිලියන 10 ක් වියදම් කළ ද මේ වන විට එම මෙමරිපත් භාවිතා නොකරන බවත් හෙළි වේ.

2010 වාර්ථාව මඟින් අනාවරණය වන අන්දමට, එම වසර සඳහා වන දළ ආදායම රු.බිලියන 121.3ක් වන අතර එය 2009 දී රු. බිලියන 109.6ක් සේ පැවති ආදායම රු.බිලියන 11.7කින් ඉහල යාමක් විය.

2010 වසර අවසාන වන විට සේවක අර්ථසාධක අරමුදලේ සමස්ථ වටිනාකම රු.බිලියන 900ක් වූ අතර සමස්ථ සාමාජිකයින් ගණන මිලියන 1.3ක් විය.










Source: http://www.gossip9.com/2012/07/blog-post_6002.html#ixzz20xrX3zSp

Share this article with your friends