Chitika Smowtion 468x60


Wednesday, July 18, 2012

ඔබ පුල පුලා බලාසිටි හම්බන්තොට නයිට් මාකට් !

රාත්‍රී 09 සිට අළුයම 04 දක්වා පැවැත්වෙන රාත්‍රී වෙළඳපොළක් (Night Market) හම්බන්තොට පිහිටුවීමට මංත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැරසෙනවා

මෙම රාත්‍රී වෙළඳපොළට දෙස් විදෙස් වෙළඳුන් 1000ක් පමණ ගෙන්වා ගැනීමට සූදානම් බව පැවසෙන අතර මෙය සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවල ක්‍රියාත්මක වන චයිනා ටවුන් (China Town) රාත්‍රී වෙළඳපොලට සමානව පවත්වාගන යාමට අදහස් කෙරෙන බවයි ඔහු පවසා තිබෙන්නේ.


මීට පෙර සතොස රාත්‍රී කාලයේදීත් විවෘත කර තැබීම නිසා කෝටි ගනනක විශාල පාඩුවක් ලැබුවේ රාත්‍රී 9න් පසුව වැඩ ඇරී ගෙදර යාමට බස් රථයක් පාරක දක්නට නොමැති තත්ත්වයක සතොසෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයන් නොපැමිනි නිසාය.

තවද කොළඹ වැනි ප්‍රදේශයක මෙම වෙළඳපොළ පැවැත්වූවා නම් පෞද්ගලික වාහන හිමියන්ට හෝ එම වෙළඳපොළට පැමිණීමට හැකි වුවද කාලයේ බස් රථයක් පාරක නොමැති හම්බන්තොටට වැනි නගරයක මෙවන් රාත්‍රී වෙළඳපොලක් ඇතිකිරීම කෙතරම් ප්‍රායෝගිකදැයි සොයාබැලීම වටී.









Source: http://www.gossip9.com/2012/07/blog-post_2134.html#ixzz20xmdrWWV

Share this article with your friends