Chitika Smowtion 468x60


Wednesday, January 4, 2012

එජාප අර්බුදයට ජෙනරාල් ගොදුරුවන ලකුණු !


පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීමේ ‘‘වරදට’’ මේ වන විට බන්ධනාගාර ගත කොට සිටින ජෙනරල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ කල්ලි කණ්ඩායම්වලත්, ජනාධිපතිගේ සුරතලූන්ගේත් ගොදුරක් වෙමින් සිටින බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු අප වෙත පැවසීය.
සරත් ෆොන්සේකා තම කණ්ඩායමට එක් කර ගැනීමට සජිත් පේ‍්‍රමදාස මහතා මෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතාට හිතවත් පිරිස් ද දැඩි තරගයක යෙදෙන බවත්, එම තත්ත්වය තුළ මේ වන විට ෆොන්සේකා මහතා එජාප අර්බුදයේ ප‍්‍රධාන කොටස්කරුවෙකු බවට පත් වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ අතරම ෆොන්සේකා මහතාට හිතවත් සමහර පුද්ගලයින් ෆොන්සේකා මහතාව විකුණමින් ආණ්ඩුව සමඟ ව්‍යාපාර අරඹා ඇති බවත්, මේ සියලූ දෙනාට අවශ්‍ය වී ඇත්තේ ෆොන්සේකා මහතා තවදුරටත් හිරඅඩස්සියේ තැබීමට ඉඩ සලසා දී තමන්ට දේශපාලන වාසි ලබා ගැනීම බවත් එම මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ජෙනරල් සරත් ෆොන්සේකා මහතා නායකත්වය දරණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ලේකම් ටිරාන් අලස් මහතා අද මාධ්‍ය වෙත ප‍්‍රකාශ කොට ඇත්තේ විපක්ෂයේ බාධාකිරීම් හේතුවෙන් ජෙනරල් ෆොන්සේකා නිදහස් කර ගැනීමට බරපතළ බාධාවක් වී ඇති බවයි.


Source : lankanewsweb.com

Share this article with your friends