Chitika Smowtion 468x60


Wednesday, January 4, 2012

රත්තරනේ මම කවදාවත් කසාද බඳින්නේ නැහැ - අනර්කලී


පසුගියදා දෙරණ රුපවාහිනිය ඔස්සේ විකාශය වන උපේක්ෂා ස්වර්ණමාලි විසින් මෙහෙයවන "උපේක්ශායි - ඔබයි මමයි" වැඩසටහනට සහභාගී වුයේ රංගන ශිල්පිනියක් හා දකුණු පලාත් සභා මන්ත්‍රීවරියක් වන අනර්කලී ආකර්ශායි.

එහිදී ඇයගේ රසිකාවක් විමසු පැනයකට පිළිතුරු දෙමින් අනර්කලී ප්‍රකාශ කලේ තමා කිසි දිනෙක විවාහ නොවන බවයි.

රසිකාවිය: අනාර් කවදාහරි ඔයා මැරී කරාට පස්සේ ඔයාගේ හස්බන්ඩ් කිව්වොත් ඔයාට දේශපාලනයෙනුයි 
රඟපෑමෙනුයි අයින් වෙන්න කියලා,ඔයා මොකද්ද ඒ වෙලාවට ගන්න තීරණය?

අනර්කලී : රත්තරනේ මම කවදාවත් කසාද බඳින්නේ නැහැ.හේතුව ගැන කිව්වොතින් මගේ යාළුවො පවුලේ අය ඒ ගොල්ලන්ගේ විවාහ ජීවිතය දිහා බැලුවහම මම කැමති නැහැ දුකක් දෙන්න කාටත් ඒ වගේම මම කැමති නැහැ දුක මගේ ජිවිතයට ගන්න.



මම විශ්වාස කරනවා විවාහය කියන්නේ ඉතාම ලොකු වගකීමක් වර්තමානයේදී ජිවිත වෙනස් වෙලා තියෙන්නේ.වගකීම් අපිට ඕන දේවල් ජිවිතේ වෙනස් වෙලා තියෙන්නේ.ඉස්සරකාලේ විවාහය ගැන විතරයි අපි හිතුවේ.නමුත් දැන් අපි අපේ අධ්‍යාපනය ගැන රැකියාව ගැන අපි අපේ සෞඛ්‍යය ගැන අපි අපේ විනෝද වෙලාවේ කරන්න ඕන දේවල් ගැන හිතනවා.

ඒ නිසා මම බොරුවක් කියන්න කැමති නැහැ.මම කසාද බඳින්නේ නැහැ.

එහිදී ගොසිප් වෙබ් අඩවි ගැන අදහස් දැක්වීමටද අනර්කලී අමතක කලේ නැහැ


"ලඟදි මම අන්තර්ජාලයේ සිටින කොට මට මොහොතක් උදාවුණා සහෝදර කලා ශිල්පිණියකගේ විස්තරයක් දිස් වුණා. දැන් මේකනේ අලූත්ම ක‍්‍රමය.. මේක දිස් කරනවා දිස් කරනවා..බැබළෙනවා රන් අකුරින් වගේ එක එක පාටවල්.



මෙහෙම ජායාරූප තියෙනවා කියලා. මම දන්නවා මේ කලාකාරිණිය ජීවිතේට එහෙම ජායාරූපයක පෙනී සිටින්නේ නෑ කියලා. මං ගිහින් බැලූවා... මොකුත් නෑ...."

විවාහ නොවන බවට රසිකාවියට පිළිතුරු දුන් අනර්කලීගේ වීඩියෝව 

ගොසිප් අඩවි ගැන සිය අප්‍රසාදය පලකල අනර්කලී  




මෙයට පෙර තමා රටේ සංවර්ධනය වෙනුවෙන් විවාහය පමා කරනවා අනර්කලී කියූ ලිපිය බලන්න මෙතනින්

Read more: http://www.gossip9.com/2012/01/blog-post_5122.html#ixzz1iVmNHmfb

Share this article with your friends