Chitika Smowtion 468x60


Wednesday, January 4, 2012

සංජීව රණතුංගගේ අනාවැකිය හරියයි


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ඊයේ දිනයේ (03) පැවැත්වුනා.එහිදී පත්වූ නව නිලධාරි මණ්ඩලය මෙසේයි
සභාපති - උපාලි ධර්මදාස මහතා, උප සභාපතිවරු - කේ. මතිවානන් සහ අසංග සෙනෙවිරත්න යන මහත්වරු, ලේකම් - නිශාන්ත රණතුංග මහතා, උප ලේකම් - හිරන්ත පෙරේරා මහතා, භාණ්ඩාගාරික - නුස්කි මොහොමඞ් මහතා, උප භාණ්ඩාගාරික - අජිත පැස්කුවල් මහතා.

මෙහිදී බොහෝ තනතුරු නිතරඟයෙන් පත්වුයේ අවසාන මොහාතේ අපේක්ෂකයන් ජන්ද සටනනින් ඉවත්වීම නිසයි.තිලංග සුමතිපාල මහතා මුලින් තරග කිරීමට අදහස්කොට සිටියද පසුව ඉවත්වුණා අතර ඊයේ අවසන් මොහාතේ ඔහුගේ පාර්ශවය නියෝජනය කල මොහාන් සිල්වාගේ පිලද ඉවත්විය.


මෙම ජන්ද සටනේ තිලංග සුමතිපාල වරදවා ගත් තැන බොහෝ දෙනා දන්නා කරුණකි.එනම් ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා ලබාදීමෙන් පසුව ඔහු රජයේ මැති ඇමතිවරුන්ට කියා සිටියේ තමා ජනාධිපතිගේ ඉල්ලීම මත තරඟකරන බවත් රජයේ සහයෝගය තමාට හිමිවිය යුතු බවත් කියමිනි.

නමුත් මේ බව දැනගත් ජනාධිපතිවරයා ඉන් කෝපයට පත්ව ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ දැනුවත් කර සිටියේ තමා එවන් කසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවත් කිසිදු සහයෝගයක් තිලංගට ලබා නොදෙන ලෙසත්ය.

ජන්දය පැවැත්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ මොහාන් සිල්වා මාධ්‍යය අමතා කියා සිටියේ "ආශිර්වාදය ලැබූ අය" ඒ අයුරින්ම පත්වූ බවයි.


මේ අතර කලුතර දිස්‌ත්‍රික්‌ ක්‍රිකට්‌ සංගමයේ ලේකම් ලෙස කටයුතු කරන මාතොටආරච්චිගේ දුමිඳු හේමාල් යන අයට කළුතර දිසා අධිකරණයයෙන් මගින් වාරණ නියෝගයක්‌ නිකුත් කර තිබියදීත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නිලවරණයේ විනිසුරු කමිටුවට ඇතුළත් වූයේ කෙසේද යන්න මෙම නිලවරණය අවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අධ්‍යක්‍ෂක ජනරාල් රංජනී ජයකොඩි මහත්මියගෙන් දැඩි ලෙස ප්‍රශ්න කර සිටියේය.


එහිදී නිරුත්තර වූ ක්‍රීඩා අධ්‍යක්ෂක ජෙනරාල්වරිය සිදුකලේ මාධ්‍යට පිළිතුර දීම වෙනුවට පැන යාමයි.

03 වනදා පැවැත්වූ නිලවරණයෙන් 
තේරී පත්වූ අය පිලිබඳ නිවැරදිව කීමට 02 වනදා සිරස ඉන්සයිඩ් ස්පෝර්ට්ස් වැඩසටහනට සහභාගී වූ සංජිව රණතුංග මහතා සමත්විය.ඒම සැබෑවූ අනාවැකිය බලන්න පහතින් 




Read more: http://www.gossip9.com/2012/01/blog-post_04.html#ixzz1iVhTvTjU

Share this article with your friends