ජනාධිපතිවරයාටත්, ඔහුගේ පවුලේ සාමාජිකයනුත් මායිම් නොකරන ආණ්ඩුවේ මැති ඇමතිවරු, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් මට්ටු කිරීම සඳහා මෙම වෙබ් අඩවිය යොදා ගෙන ඇති බවත්, එය සම්බන්ධීකරණය කිරීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශයේ ප‍්‍රධානියෙකු යොදවා ඇති බවත් එම ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ දියණියක වන අපර්ණා ෆොන්සේකා මහත්මිය, තම පියාට සමාව දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් එවා ඇති බවටත්, මධ්‍යම පළාතේ ඇමතිවරයෙකු බීමත්ව ඇදවැටී විදේශ රෝහලක ප‍්‍රතිකාර ලබන බවටත් එම වෙබ් අඩවියේ පළ වූ වාර්තා ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානියා විසින් ලබා දුන් තොරතුරු මත පළ කර තිබේ.
මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යෑම සඳහා දැන්වීම් ලබා දෙන ලෙස සංස්ථා කිහිපයක සභාපතිවරුන් වෙත දැනුම් දී ඇති ජනාධිපතිවරයා, එහි කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට රජයේ රැකියා ලබා දී වෙබ් අඩවියේ කටයුතු සඳහා වැටුප් හා දීමනා ද සහිතව අනුයුක්ත කොට තිබේ.
මෙම වෙබ් අඩවියේ නිල නොවන කතුවරයා වන්නේ දිවයින පුවත්පතේ මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මහතාය.
ආණ්ඩුවට පක්ෂපාතී නොවූ විද්‍යුත් නාලිකා හා පුවත්පත් කිහිපයක් තම හිතවතුන් හරහා මිළදී ගත් පරිදි, ශ‍්‍රී ලාංකිකයන් අතර ජනප‍්‍රිය වෙබ් අඩවි කිහිපයක් ද මිළදී ගැනීමට ජනාධිපතිවරයා මේ දිනවල කටයුතු කරමින් සිටියි.
Source : lankanewsweb.com