Chitika Smowtion 468x60


Wednesday, January 4, 2012

ගෝඨාභය, මර්වින්ට එරෙහිව පෝස්ටර් ගස්සවයි


කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත‍්‍රීවරුන්, මර්වින් සිල්වා අමාත්‍යවරයාට එරෙහිව එම ආසනය තුළ ඊයේ පෝස්ටර් අළවා ඇත්තේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත බව වාර්තා වේ.
කප්පම් ගැනීමේ චෝදනාව මත ‘‘අතුරුදහන් වීමේ’’ ලැයිස්තුවට ඇතුළත්ව සිටින කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත‍්‍රීවරුන් තම ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා පසුගියදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුවේ වැඳ වැටී ඇති අතර, මර්වින් සිල්වා ඇමතිවරයාගේ උපදෙස් මත සිදු කළ කප්පම් ගැනීම් හා වංචා දූෂණ සැලකිය යුතු ප‍්‍රමාණයක් ද වමරා තිබේ.

මර්වින් සිල්වා ඇමතිවරයා සමඟ නීතිවිරෝධී ජාවාරම් සිදු කළ රාගම ලොකු සීයා පැහැරගෙන ගොස් මරා දමන විටත්, ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ අමල් රොද්‍රිගූ පැහැරගත් අවස්ථාවේදීත් ඇමතිවරයා මඟහැර සිටීම ඔහුගේ ගෝලබාලයින්ගේ වෛරයට හේතු වී තිබේ.
පැහැරගෙන යනු ලැබූ අමල් රොද්‍රිගූ විසින් මර්වින් සිල්වා අමාත්‍යවරයා සහ ඔහුගේ ගෝලබාලයින් විසින් සිදු කරනු ලැබූ බරපතළ වංචා දූෂණ ක‍්‍රියා රැසක් ආරක්ෂක ලේකම්ගේ ‘‘සුදු වෑන්’’ ඒකකයට හෙළිදරව් කර තිබේ. එම තත්ත්වය යටතේ අමල් රොද්‍රිගූ නිදහස් කරනු ලැබුවද ඔහු විසින් හෙළිදරව් කරනු ලැබූ තොරතුරු මත පසුගිය දින කිහිපය පුරා ‘‘සුදු වෑන් ඒකකය’’ කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීන් පසුපස හඹා යමින් තිබිණ.
තමන්ගේ ජීවිත දැඩි අනතුරකට ලක් වී ඇති බව අවබෝධ කර ගත් මෙම පිරිස ආරක්ෂක ලේකම් හමුවූ අවස්ථාවේදී කැලණියේ සිදු කෙරෙන වංචා දූෂණ මෙන්ම කැලණියේ පොලිසියේ නිලධාරීන්ගේ දූෂණ රැසක් ද හෙළිදරව් කර තිබේ.
ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය තුළ පිහිටි පෞද්ගලික ආයතන සහ කඩසාප්පුවලින් කප්පම් ලබා ගැනීම් පිළිබඳ තොරතුරු රැසක් හෙළිකර ඇති මෙම මන්ත‍්‍රීවරුන් පිරිස කැලණිය සති පොළේ කඩවලින් ප‍්‍රාදේශීය සභාවට කිසිදු මුදලක් නොලැබෙන බවත්, එම සියලූ මුදල් එකතු කරනු ලබන්නේ ඇමතිවරයාගේ ගෝලයෙකු විසින් බවත් පවසා තිබේ.
ඒ අනුව වහාම ක‍්‍රියාත්මක වී ඇති ආරක්ෂක ලේකම්වරයා කැලණිය සතිපොළේ කප්පම් එකතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අද සිට එම වෙළෙඳසැල්වල ආදායම ප‍්‍රාදේශීය සභාවට ලැබෙන පරිදි ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇත.
පසුගිය දින කිහිපයේදී තම පවුලේ අය සමඟ ඩුබායි හි සංචාරයක නිරතව සිටි මර්වින් සිල්වා ඇමතිවරයා මෙම තොරතුරු හෙළිවීමත් සමඟ පෙරේදා දිවයිනට පැමිණ වහාම ආරක්ෂක ලේකම්වරයා හමුවීමට ගොස් තිබේ.
තවද, අද සවස තමා හමුවන ලෙස ජනාධිපතිවරයා මර්වින් සිල්වා ඇමතිවරයාටත්, කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන්ටත් දැනුම් දී තිබේ.


Source : lankanewsweb.com

Share this article with your friends