Chitika Smowtion 468x60


Thursday, February 16, 2012

විදුලි බිලත් 40% කින් නඟී


අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන විදුලි බිල ඉහල දමා තිබෙනවා. 

ඒ අනුව විදුලි ඒකක
0-30 දක්වා 25% කින්ද,
31-60 දක්වා 35% කින්ද,
60 ට වැඩි නම් 40% න්ද විදුලි බිල වැඩි වෙනවා.

සාමාන්‍ය නිවසක විදුලි පරිභෝජනය ඒකක 60ට වැඩි වන නිසා මෙම 40%ක වැඩිවීම රටේ බහුතර ජනතාවට බලපානු ඇති.

මෙම මිල වැඩි කිරීම ඉන්ධන ගැලපුම් ගාස්තුවක් වශයෙන් විදුලි බිලට එක් කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජයතිස්සද කොස්තා මහතා පවසන අතර ඉදිරිකාලයේදී යළිත් ඉන්ධන මිලෙහි ඉහළයාමක් සිදුවුවහොත් ඊට සාපේක්ෂව මෙම ගාස්තු නැවතත් ඉහළ යාහැකි බවද පවසනවා.

පසුගිය දින කීපයේදී ඩීසල් මිල 37%කින් හා බස් ගාස්තු 20% කින් වැඩිවූ අතර විදුලි බිලත් 40%කින් වැවීම නිසා ජනතාව නොසතුටට පත්වී තිබෙනවා.

යුද්ධයක් නොවපතින තත්ත්වය තුළ අනවශ්‍ය සැණකෙළි සඳහා කෝටි ගනන් මුදල් නාස්ති කෙරෙද්දි ජනතාවට කිසිදු සහනයක් නොලැබීම ගැන ජනතාව රජයට සිය අප්‍රසාදය පල කරනවා.

පසුගියදා අවසන්වූ දැයට කිරුල සඳහා රුපියල් කෝටි 2,100ක් වියදම් කළ බවටත්, පසුගිය වසරේ මුල් මාස 6 තුළ ඇමතිවරුන්ට වාහන ගැනීම සඳහා රුපියල් කෝටි 1,454ක් වියදම් කර ඇති බවටත් රජයට චෝදනා එල්ල වෙනවා.


Source: http://www.gossip9.com/2012/02/40.html#ixzz1mTfxfndk

Share this article with your friends