Chitika Smowtion 468x60


Thursday, February 16, 2012

ජී.එල්., හෙළ උරුමයේ සහය ඉල්ලයි


තම විදේශ කටයුතු අමාත්‍ය ධූරය ආරක්ෂා කර ගැනීම සඳහා මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ජාතික හෙළ උරුමයේ සහය ඉල්ලා තිබේ. මේ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් පෙරේදා සවස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තැප්‍රොබේන් හි පැවැති අතර ඒ සඳහා හෙළ උරුමය වෙනුවෙන් එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් සහ බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහභාගි වී තිබේ.
එළෙඹෙන මාර්තු මාසයේදී තමාව විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාගේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කර ඇති ජී.එල්. පීරිස් මහතා, එය වළක්වා ගැනීම සඳහා මැදිහත් වන්නනැයි ගම්මන්පිල මහතාගෙන් ඉල්ලා ඇත. ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තර බෞද්ධ බලවේග හරහා ජනාධිපතිවරයාට බලපෑම් කරන ලෙසත් ඇමතිවරයා ඉල්ලා තිබේ.
තමාව විදේශ අමාත්‍ය ධුරයෙන් පලවා හැරීම සඳහා විජය පුවත්පත් සමාගම විශාල බලපෑමක් කරන බව සඳහන් කර ඇති ජී.එල්. පීරිස් මහතා තමාට ඩේලි මිරර් පුවත්පතේ සහය ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.
විදේශ අමාත්‍යාංශයේ සිටින ඇතැම් අන්‍යාගමික නිලධාරීන් කුමන්ත්‍රණකාරීන් ලෙස කටයුතු කරන බව පවසා ඇති ඇමතිවරයා, එවැනි පුද්ගලයන් හෙළිදරව් කරන ලෙසද ගම්මන්පිල මහතාට යෝජනා කර තිබේ.
විදේශ ඇමතිවරයාගේ ඉල්ලීම් හා යෝජනා සම්බන්ධයෙන් ස්ථීර වචනයක් ප්‍රකාශ කර නොමැති ගම්මන්පිල මහතා, පක්ෂයේ නායකයින් සමඟ සාකච්ඡා කොට අද හෙටම පිළිතුරක් ලබා දෙන බව සඳහන් කර ඇත.

Source - lankanewsweb.com

Share this article with your friends