Chitika Smowtion 468x60


Thursday, February 16, 2012

මෛත්‍රීට එරෙහිව රාජකීය මඩක්


සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඔහුගේ පෞද්ගලික ජීවිතය හා අමාත්‍යාංශ කටයුතු අළලා මඩ ප්‍රචාරයක් දියත් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියෙකුවන මහින්ද ඉලේපෙරුම මහතා කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් අපවෙත වාර්තාවේ.
මෛත්‍රීපාල අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධූරයෙන් ඉවත් කිරීමේ මූලික අරමුණින් යුතුව ක්‍රියාවට නැංවෙන මෙම මඩ ව්‍යාපාරය සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී තිබේ.

මෛත්‍රීපාල ඇමතිවරයාගේ සම්බන්ධීකරන නිලධාරියෙකුවන සාරංග අලහප්පෙරුම මහතා විසින්, සෞඛ්‍ය බලධාරීන් පිරිසක් හා එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ හා වෙනත් උපකරණ සපයන ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු විසින් සිදු කිරීමට නියමිතව තිබූ රුපියල් බිලියන ගණනක වංචාවක් හෙළිදරව් කිරීමෙන් පසු එයින් කෝපයට පත් පිරිස් විසින් ලබා දුන් තොරතුරු මත පදනම්ව මෙම මඩ ව්‍යාපාරය ක්‍රියාවට නැංවීමට නියමිතය. රජයේ රෝහල්වලට ශෛල්‍ය අත්වැසුම් ගෙන ඒමේදී රුපියල් බිලියනයකට වැඩි වංචාවක් සිදුවී ඇති බවට සාරංග අලහප්පෙරුම මහතා විසින් සොයාගෙන තිබේ.
එම තත්ත්වය යටතේ කෝපයට පත් වංචාකාරී සෞඛ්‍ය බලධාරීන් හා කූට ව්‍යාපාරිකයින් පිරිස මහින්ද ඉලේපෙරුම මහතා සමඟ එක් වී ආණ්ඩුවේ හා පෞද්ගලික මාධ්‍ය හරහා මෛත්‍රීපාල ඇමතිවරයාට එරෙහිව වාර්තා පළ කිරීමට කටයුතු කරමින් සිටී. එහි පළමු පියවර වශයෙන් රජයේ දිනමිණ අද(16) පුවත්පත මෛත්‍රීපාල ඇමතිවරයා වක්‍රකාරයෙන් විවේචනය කරන ලිපියක් zඑක්ස් රේ පටල හිඟයෙන් රෝගී හු දැඩි අපහසුතාවයකටZ යන ශීර්ෂයෙන් යුතුව පළ කර තිබේ.

Source - lankanewsweb.com

Share this article with your friends