ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශගතව සිටින බැවින් අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම විරෝධතාවය මතු වී ඇත.
හලාවත ධීවරයකු ඝාතනය කිරීමේ සිද්ධිය ද ඇමතිවරු කීපදෙනෙකුගේ විවේචනයට ලක් වී තිබේ. උද්ඝෝෂණ කරුවන්ට වෙඩි තැබීමට අණ දීම බලවත් වරදක් බවද එම ඇමතිවරුන් පවසා ඇත.
සන්ධාන ආණ්ඩුවේ ගමන් මග අසුන්දර බවත්, ආණ්ඩුව දවසින් දවස ජනතාවගේ අප්‍රසාදයට පත්වෙමින් තිඛෙන බවත් එක් ඇමතිවරයකු පවසා තිබේ. ධීවරයින්ට ලබාදෙන ඉන්ධන සහනාධාරය ගොවීන්ට ද ලබා දිය යුතු බව ඇමතිවරු කිහිපදෙනකුම පවසා ඇත.
ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා නොසිටිහෙයින් කිසිදු විශේෂ තීන්දු තීරණයක් ගෙන නොමැති අතරම කිසිදු ටෙන්ඩරයක් අනුමත කිරීම හෝ සිදු වී නොමැත.
Source - lankanewsweb.com